SRILANKAN NEWS

හරිත දේශගුණික අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා ජනපති හමුවෙයි

ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින හරිත දේශගුණික අරමුදලේ විධායක අධ්‍යක්ෂ (Howard Bamsay) හොවර්ඞ් බැම්සේ මහතා මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

තිරසර භූමි කළමනාකරණ මැදිහත්වීමක් සඳහා මධ්‍යම කඳුකරයේ දිය ගලනය සහ නකල්ස් කඳු පන්ති කෙරෙහි බලපා ඇති දේශගුණික විපර්යාස බලපෑම පිළිබඳ විනිශ්චය කිරීම සඳහා හොවර්ඞ් බැම්සේ මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ සිටින අතර එම තොරතුරු පිළිබඳ මෙහිදී ඒ මහතා ජනාධිපතිතුමා දැනුවත් කළේය.

හරිත දේශගුණික අරමුදල දියුණුවන රටවල් විසින් දේශගුණ විපර්යාස හමුවේ ගනු ලබන කි‍්‍රයාමාර්ගයන් සඳහා මූල්‍යමය ප‍්‍රතිපාදන සපයන බහු පාර්ශ්වික අරමුදල් රැස් කිරීම සඳහා කි‍්‍රයාත්මක ආයතනයකි. හරිත දේශගුණික අරමුදල විසින් දියුණුවන රටවල් හි කාබන් වායු විමෝචනය අවම කිරීමටත්, කාලගුණ විපර්යාස හමුවේ අනුවර්තනය වීමටත් අවශ්‍ය සහයෝගය සලසනු ලබයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය