SRILANKAN NEWS

වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් (විශේෂයෙන් නැගෙනහිර, ගිණිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ වල) බලාපොරොත්තු විය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සමහර ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තු වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කන්කසන්තුරේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළං නැගෙනහිර සිට ගිණිකොන දක්වා වන දිශාවලින් හමන අතරසෙසු මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි. සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකවඉතා තද සුළං(පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.