SRILANKAN NEWS

මහවැලි ‘එල්‘ කලාපයේ ‘මායාපුර‘ නමින් සිංහල ජනපදයක් ඇති කිරීමට රජයෙන් උත්සහයක්

– උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාලිංගම්ගෙන් චෝදනා කරයි –

උතුර නැගෙනහිර පළාත්වල සිංහල රජයේ සැලසුම් සහගත පදිංචි කිරීම් කටයුතුවල කොටසක් ලෙස මහවැලි ‘එල්‘ කලාපයෙහි අක්කර දහස් ගණනක ඉඩම් දකුණේ සිට ගෙන්වන සිංහල ජනතාවට ලබාදි ‘මායාපුර‘ නමින් ජනපදයක් ක්‍රියාත්මක කිරීමට රජය උත්සහ කරන බවත්, එය තමන් දැඩිව හෙලා දකින බවද උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසා තිබේ.

මන්නාරමේදී ඊයේ (11) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙම ජනපද ව්‍යාපෘතිය මඟින් පසුගිය කාලයේ අමාත්‍යවරුන් විසින් දිගින් දිගටම බෙදා දුන් ඉඩම් ද, ධීවර රැකියාව කරන දෙමළ ජනතාවට ප්‍රතික්‍ෂේප කළ ඉඩම් ද සිංහල කම්කරුවන්ට ධීවර රැකියාව කිරීම සඳහා අනුමැතිය වංචා සහගතව, ලබාදීමෙන් එහි නොසන්සුන්කාරි තත්වයක් ද හටගෙන තිබුණි.

මෙවැනි තත්වයකදී උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්, උතුරු පළාත් සභාවේ සභාපති සි.වී.කේ. සිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ගියෙමු. මෙම තත්වය රජය වහාම අවසන් කළ යුතුයි. මෙම සැලසුම් වහාම අත්හැරිය යුතුයි යන ඉල්ලීම ජනතාධිපති සහ අගමැතිවරයා වෙත මුල්ලතිව් දිස්ත්‍රික්ක දිසාපතිවරයා හරහා යවා තිබෙන්නෙමු.

මේ සම්බන්‍ධයෙන් අපි සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ගය ගැන තීරණය කරන අතර, මෙම ප්‍රශ්ණයට රජය විසඳුමක් ලබා දෙනතෙක් අපි නිහඞවන්නේ නැහැ. රජය මෙවැනි කටයුතුවල යෙදෙන්නේ නම් ජාතික සංහිදියාව හෝ වෙනත් කිසිවක් ඇති කළ නොහැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස පළාත් සභා පනතට එරෙහිව රජය කටයුතු කරන බව අපි ප්‍රසිද්ධියේ පවසා සිටින බව උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් වැඩිදුරටත් පවසා තිබේ.