SRILANKAN NEWS

ශ්‍රී.ල.නි.ප. අස්වුණු ඇමතිවරුන් වෙනුවෙන් වැඩ බලන්න ඇමැතිවරුන් 4ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු 6 දෙනකු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුර වල වැඩ බැලීම සඳහා කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.

ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයේ සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා ඇමැති සරත් අමුණුගම මහතා, අාපදා කළමනාකරණ අමාත්‍ය – රංජිත් සියඹලාපිටිය මහතා, ක්‍රීඩා අමාත්‍ය – ෆයිසර් මුස්තාපා මහතා සහ සමාජ සවිබල ගැන්වීමේ හා කම්කරු අමාත්‍යං- මලික් සමරවික්‍රම මහතා පත්කර තිබේ.