SRILANKAN NEWS

දෙමළ ජනතාව යළිත් කිසි දිනක යුද්ධයක් පිළිබඳව විශ්වාසය තබන්නේ නැහැ

යාපනයේ දෙමළ ජනතාව යළිත් කිසි දිනක යුද්ධයක් පිළිබදව විශ්වාසය නොතබන බවත් ඔවුන් මේ වන විට යුද විරෝධී මෙන්ම යුද්ධය ප්‍රතික්ෂේප කරණ පිරිසක් බවට පත්ව ඇතැයි යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා මෙවර සිංහල-හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

කෘෂිකාර්මික ජීවන රටාවකට නෑකම් කියමින් ඉතාම අහිංසක දිවිපෙවතක් ගෙවන යාපනයේ දෙමළ ජනතාව මේ වන විට ක්‍රමක්‍රමයෙන් සංවර්ධනය කරා ගමන් කරමින් සිටින බවත් ඔවුන් කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබදවද උනන්දුවක් දක්වමින් කටයුතු කිරීම මේ රටේ අනාගතය පිළිබදව සුබ නිමිත්තක් බවද ආඥාපතිවරයාගේ අළුත් අවුරුදු පණිවුඩයේ සදහන් වෙයි.

ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කරවමින් සංහිදියාව ගොඩනැගෙමින් පවතින මෙවැනි අවස්ථාවක එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්දේ ජාතික සමගිය යාපනයේ ජනතාවගෙන් පිළිබිඹු වන බවද මේජර් ජනරාල් දෑශන හෙට්ටිආරච්චි මහතාගේ අළුත් අවුරුදු පණිවුඩයේ සදහන් වෙයි.