SRILANKAN NEWS

අලුත් අවුරුදු දිනයේදිත් දින 421ක කාලයක් මහ මඟ ඥාතීන්ව සොයන ඥාතීන්..

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල)

අලුත් අවුරුදු දිනය වන අද දින 421ක කාලයක් කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට අතුරුදන්වූවන්ගේ ඥාතීන් තම සත්‍යග්‍රහය පවත්වති. පසුගිය වසරේ පෙබරවාරි 20වනදා අතුරුදන්වූවන්ගේ නිදහස සහ තොරතුරු හෙළිකරන්නැයි ඉල්ලා ආරම්භ කළ උද්ඝෝෂණය අද (14) දිනට දින 421ක් අවසන්වී තිබේ.

දෙමළ – සිංහල අලුත් අවුරුදු දිනය වන අද දිනද අතුරුදන්වූ තම ඥාතීන්ව සොයමින් සිටින ඥාතීන් මහ මඟ සත්‍යග්‍රහයෙහි නිරතව සිටිති. සෑම පාර්ශවයක්ම තමන්ව අත්හැර ඇති බව පවසන අතුරුදන්වූවන්ගේ ඥාතීන් තමන්ගේ දුක් වේදනාව තමන් හැර කිසිවෙකු අවබෝධ කරගෙන නොමැති බවට කණගාටුව පළ කර තිබේ.

අතුරුදන්වූ අප ඥාතීන්ට විසඳුමක් ලබාගත හැකි අවස්ථාවන් රැසක් අපගේ ජනතා නියෝජිතයන් අතපසු කරගෙන ඇති බවට අතුරුදන්වූවන්ගේ ඥාතීන් සඳහා වූ සංගමයේ සම්බන්‍ධීකාර ආනන්ද නඩරාජා ලීලාදේවි පවසා තිබේ.