SRILANKAN NEWS

ත්‍රීරෝද රථවලට හෙට සිට මීටරය අනිවාර්‍ය වේ..

මගියාට බිල්පතක් නිකුත් කළ හැකි වන සේ ත්‍රීරෝද රථ සඳහා මීටරයක් අනිවාර්යෙන් සවිකළ යුතු බවට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පැනවූ නීතිය හෙට (20) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව හෙට සිට එලෙස බිල්පත් නිකුත් නොකෙරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් ඔබටද අදාළ අංශ වෙත පැමිණිලිකිරීමේ අවස්ථාව පවතියි.

මගී ත්‍රිරෝද රථවල විවිධ දුර සඳහා විවිධ මිල ගණන් අයකිරීමේ ප්‍රවණතාවක් පැවති අතර මේ හේතුවෙන් මගී ජනතාවද අපහසුතාවට පත්විය.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මගියාට බිල්පතක් නිකුත් කළ හැකි වන සේ ත්‍රීරෝද රථ සඳහා මීටරයක් සවි කිරීම සඳහා මාස 06ක සහන කාලයක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ත්‍රී රෝද රථ රියදුරන්ට ලබාදෙනු ලැබීය.

ඒ අනුව එම කාලය අප්‍රේල් මස පළමු වැනිදායින් අවසන් වූ අතර හෙට සිට එය අනිවාර්ය වේ.‍

කෙසේ වෙතත් නව නීතිය හෙට සිට ක්‍රියාත්මක වන අතර ගමනට සරිලන බිල්පතක් මගී ඔබට නොලැබුණහොත් එවන් බිල්පත් නොදෙන රියදුරන් පිළිබඳව මාර්ග ආරක්ෂව පිළිබඳ ජාතික සභාවේ 0112 696890 යන දුරකථන අංකයට පැමිණිලි කළ හැකියාව පවතියි.