SRILANKAN NEWS

ස්ථිර පත්වීම් නොලැබීමෙන් උතුරේ ගුරුවරු සිය දිවි හානි කරගැනීමේ අවධානමක

උතුරු පලාතේ ස්වේච්ඡා ගුරුවරුන් 500කට අධික පිරිසක් සේවය කරන බවත් වසර ගණනාවක් තිස්සෙ ඔව්න්ගේ පත්වීම් ස්ථිර නොවීමෙන් දැඩි මානසික වියවුලට පත්ව සියදිවි හානි කරගැනීමේ අවදානමක සිටින බවත් උතුරේ ස්වේච්ඡා ගුරු සංගමය පවසයි.

උතුරේ රජයේ පාසල්වල ස්වේච්ඡා ගුරුවරුන් 686 දෙනෙකු සේවය කළ අතර පසුගියදා ඉන් 182 කට ස්ථිර පත්වීම් ලබා දී තිබුණද ස්ථිර පත්වීම් නොලද පිරිස අතර වසර දහයකට වඩා සේවය කළ ගුරුවරුන්ද සිටින බවත් ස්ථීර පත්වීම් ලබා දීමේදී එම ගුරුවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයිද ගුරු සංගමය පවසා සිටියි.

මුලතිව් තට්ටන්කුලම් පාසලේ ස්වේච්චා ගුරුවරියකගේ නම ස්ථීර පත්වීම් ලබා දුන් ලැයිස්තුවට ඇතුළත් වී නොතිබීම හේතුවෙන් ඇය ගෙල වැලලාගෙන මිය ගියාය.
මේ අතර උතුරේ ස්ථිර පත්වීම් නොලැබූ ස්වේච්ඡා ගුරුවරුන් පිරිසක් යාපනයේදී ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා හමු වී අදාල ගැටළුව පිළිබඳව සාකච්ඡා කර තිබේ. එහිදී මන්ත්‍රීවරයා එම පිරිසට පවසා ඇත්තේ උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කර විසඳුමක් ඉතා ඉක්මනින් ලබා දෙන බවටයි.

එමෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ස්වේච්ඡා ගුරු ගැටලුව පිළිබඳව පවසා තිබුණේ ස්ථිර පත්වීම් ලබා නොදුන් පිරිසගේ සහතික හා ලොග් සටහන් යළි පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ස්ථිර පත්වීම් ලබා දෙන බවය.

නමුත් උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය කියා සිටින්නේ ප්‍රධාන අමාත්‍යවරයා ස්ථිර පත්වීම් අහිමි වූ පිරිසගේ සිත් සතුටු කිරීම සඳහා පමණක් එම ප්‍රකාශය කළ බවයි.

වසර ගණනාවක් සියළු සුදුසුකම් සපුරා සිටින ගුරුවන් පිරිසක් අතුරින් පිරිසක් ස්ථිර කොට තවත් පිරිසක් ස්ථිර නොකිරීම ඒක් පිරිසකට කරන බලවත් අසාධාරණයක් බව උතුෙර් ස්ෙව්ච්ඡා ගුරු සංගමය පවසා සිටියේය.

– ලංකා ටෘෘත් –