SRILANKAN NEWS

දන්සල් පැවැත්වීම තහනම් බවට පැතිර යන ප්‍රචාරය අසත්‍යයි – අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

වෙසක් පොහෝ දිනයේ දී දන්සල් පැවැත්වීම තහනම් බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසා තිබේ. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයක දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

” කිසිවෙලාවක අපි දන්සල් තහනම් කරන්න කියලා නෑ…දන්සල් තියෙන්න ඕනේ ..බැතිමතුන් ලක්ෂ ගාණක් යනවා වන්දනාවේ ..එතකොට හෝටල් වහලා, කඩවල් වහලා ..එදාට ඒ බෝජන සංග්‍රහයක් ලබා ගන්න ඒ දන්සල් තියෙන්න ඕනේ…පිරිසිදු දන්සල්…දන්සල් ගැන කිසිම තහනමක් නෑ…දන්සල් තියනවා..” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.