SRILANKAN NEWS

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සංශෝධනය පළමු පාර්ලිමෙන්තු සැසිවාරයේ දී.. – ජ.වි.පෙ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනය ලබන මස පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ දී ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා සඳහන් කළේ ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බවයි.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහයෝගය අපේක්ෂා කරන බව නලින් ද ජයතිස්ස මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ අර්බුදකාරී තත්ත්වය තුළ නව ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට නොහැකි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.