SRILANKAN NEWS

දහම නමින් ජනවාර්ගික ආක්‍රමණයක් පවතිනවා – වරදරාජන් පාර්තීබන්

වලිගාමම් උතුර, මාවිට්ටපුරම් කන්දසුවාමි කෝවිලට ඉතා නොඳුරින් ආගම, දහම නමින් ජනවාර්ගික ආක්‍රමණයක් සිඳුවන බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය මානගර සභා මන්ත්‍රී වරදරාජන් පාර්තීබන් චෝදනා කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ,
‘ඉකුත් ප්‍රදේශයේ පිහිටි ඉතා පැරණි කෝවිලක් ඉදිරිපිට එහි භූමියේදීම බෞද්ධ විහාරයක් ඉදිකර තිබේ. පෝය දිනවල අදට එහි පූජාවන් ද පැවැත්වේ. එහි හින්දු කෝවිල විනාශ කළ තත්වයක පවතිනවා. එය අලුත්වැඩියා කිරීමේ කටයුතු දැන් සිඳුවෙනවා.

කෝවිල් ඉඩම අත්පත්කර විහාරයක් ඉදිකර තිබෙන අතර කෝවිලට අයත් දේපළ ද අද විහාරස්ථානයේ දේපළ බවට පත්කරගෙන තිබෙනවා. එනම් කෝවිලට අයත් ඝණ්ටාර කුළුන සම්පූර්ණයෙන් විහාරස්ථානයේ ඝණ්ටාරය බවට පත්කරගෙන තිබෙනවා.

තවද කෝවිලට අයත් ආරාමය දැන් එහ විහාරයේ භික්‍ෂුන් වහන්සේට නවාතැන් ගැනීමට පහසුවන අයුරින් වැසිකිළි සමඟ ද ඉදිකර තිබේ. මෙම ආක්‍රමණයෙහි ස්වරූපය ගැමුණු විහාරය කන්කසන්තුරයි යන නාම පුවරුවකින් ඉහළින්ම ප්‍රදර්ශනය කර තිබෙනවා. වෙනත් ආගම්වලට මෙම භූමියේ ඉඩක් නැහැ යනු අපේ අදහස නොවේ. අපගේ ජාතියෙහි අනන්‍යතාවය, සම්ප්‍රදාය, පාරම්පරික ඉඩම් ආක්‍රමණය කරමින් ආගම දහම නමින් ආක්‍රමණය කර සිඳුකරන ජනවාර්ගික අක්‍රමණය හෙලාදැකිය යුතුයි‘

තවද, අලුතින් ඉඩම් නිදහස් කළ යුතුයි යන ඉල්ලීමට එපිට නිදහස් කළ නමුත් අදටත් ආක්‍රමණයෙහි ස්වරූපයක් ලෙස දැකින්නට තිබෙන ගැමුණු විහාරය සම්බන්‍ධයෙන් එම ප්‍රදේශයෙහි නියෝජිතයන්ගේ නෙත නොගැටුණේ මන්ද? අද වනතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටින්නේ ඇයි?‘ දැයි ඔහු ප්‍රශ්ණ කර තිබේ.