SRILANKAN NEWS

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව ලබන මාසයේදී පාර්ලිමෙන්තුවට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ යෝජනාව ලබන මාසයේදී පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (25) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මේ බව පැවසූ අතර එම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා එක් වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා…

ජනතා විමුක්ති පෙරමුණේ අපි මෙම 20වන සංශෝධනය ගෙනඒමේ ක්‍රියාමාර්ගය පිළිබඳව අසත්‍ය මත ගොඩනැගීමට ඉඩ තබන්නේ නැහැ. අපි ඉතාම විශ්වාසයකින් ඉන්නවා, මෙම යෝනාවලිය ඉදිරිපත් වෙන්නේ ශිෂ්ටත්වය වෙනුවෙන් නිසා සියලු දෙනාම මෙය අනුමත කරයි කියලා. අශිෂ්ඨත්වයට කැමති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඕනෑම කෙනෙකුට මෙම යෝජනාවට විරුද්ධ වීම සඳහා කරුණු හොයාගත හැකියි. ජනතා විමුක්ති පෙරමුණේ අපි මෙම යෝජනාව ගෙන එන්නේ ජයග‍්‍රහණය කිරීම සඳහායි. මේ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා. යැයි පවසා සිටියේය.