SRILANKAN NEWS

හෂීස් මත්ද්‍රව්‍ය සමග ඉතාලි ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තය වෙත රැගෙන යෑමට තැත් කළ ඉතාලි ජාතික ගුවන් මගියෙකු අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී හෂිස් කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 272 ක් සොයා ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ක් බව වාර්තාවේ. සැකකරු සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක් සාදා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටින් රැගෙන යාමට තැත්කර ඇති අතර ඔහු මෙරට සූපවේදියෙකු ලෙස සේවය කර ඇති බව ද පරීක්ෂණවළදී හෙළිව තිබේ.