SRILANKAN NEWS

සර්වඥධාතූන් වහන්සේලා අග්‍රාමාත්‍යවරයා විසින් මහත් ගෞරවයෙන් පිළිගනිති

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියාව,නේපාලය සහ පකිස්ථානයේ සිට වැඩම කරන ලද සර්වඥධාතූන් වහන්සේලා මහත් ගෞරවපූර්වකව ඊයේ (29) පිළිගනු ලැබීය.

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ”බුද්ධ රශ්මි ” ජාතික වෙසක් මංගල්‍යය හා ඊට සමගාමිව අරලිය ගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ඊයේ සිට ආරම්භ විය.

ඉන්දියාවේ සහ පකිස්ථානයේ සිට වැඩම කරන ලද සර්වඥධාතූන් වහන්සේලා සහ නේපාලයේ සිට ගෙන්වනු ලැබූ කෞතුක වස්තු අරලියගහ මන්දිරයේ තැන්පත් කිරීම සහ මහජනතාවට වැඳපුදා ගැනීම සඳහා සර්වඥධාතු ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

අග්‍රාමාත්‍යවරයා විසින් හුණුපිටිය ගංගාරාමයේ සීමා මාලකය ආලෝකවත් කරමින් විවෘත කිරීමට ද එක්විය.

ඒ අනුව, ඊයේ (29 වන දින) 19.00 පැය සිට 2018.05.03 දින අළුයම 04.00 පැය දක්වා මහජනතාව සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන අතර, විශේෂ ආරාධිත අමුත්තන්ගේ පැමිණීම ද සිදු වීමට නියමිතය.