SRILANKAN NEWS

මින්නේරිය සහ කල්පිටියේ සිඳුවූ රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

මින්නේරිය සහ කල්පිටිය ප්‍රදේශවල සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මින්නේරිය, හිඟුරක්ගොඩ මාර්ගයේ ලංකාරාම විහාරය අසළ දී මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු යතුරුපැදියක ගැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ මින්නේරිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මේ අතර කල්පිටිය පාලවිය මාර්ගයේ තිහලිය පාසල් මාවත හන්දිය අසළ දී යතුරුපැදියක වේගය පාලනය කර ගත නොහැකිව එය මාර්ගයේ පෙරලී යෑමෙන් සිඳුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ සෙන්බුකුලම් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි යතුරුපැදිකරු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තාවේ.