ARTICLES

“මම මෛත්‍රීවාදියකු යැයි ඔබට පැවැසිය හැක, නැහැ මම යථාර්ථවාදියකු ලෙස සිටින්නෙමි“

11055339_745061672305944_8411605938450692699_nමෙම ලිපිය ඔබව විශ්මයට පත්කරනු ඇත… මාව මෛත්‍රීවාදියකු යැයි පැවැසිය හැක.. නැතිනම් එයටත් එහා ගොස් විවේචනය කළ හැක.. නමුත් එය ගැන මම කණගාටුවන්නේ නැහැ… හේතුව මම යථාර්ථවාදියකු ලෙස සිටීමට කැමත්තෙන් සිටින්නෙමි…

සැබවින්ම මම දෙමළ සංවේදී පුද්ගලයෙක්.. අප ජනතාවගේ නිදහස කෙරෙහි දැඩි ආදරයක් දක්වන්නෙමි… ඔවුන් ශ්‍රී ලංකාවේ ජීවත් වන සියළු ජන කොටසකටම මෙන්ම සමානව, දේශපාලන අයිතිවාසිකම් සමඟ, ඔවුන් භුක්ති විදින නිදහස සාමයද ලබා ගන්නා සැබෑ නිදහසක් ලබාගත යුතුයි යන කාරණාවේදී ස්ථීරව සිටින්නෙමි… එම නිසා රටින් බැහැර ගොස් ජීවත්වන්නෙමි….

දශක දෙකකට අධික කාලයක් නොවැටුණු මාධ්‍යවේදියෙක්.. ජාතික හැඟීම ඉස්මතු වන අවස්ථාවක ලිස්සා වැටීමත්, මාධ්‍ය මාධ්‍යවේදියා යන කාරණාවලට එහා යෑමත් අනතුරුව ආත්ම විවේචනයකින් පසු යළි නැගිට ගමන් කරන්නකුවෙමි.

මාගේ හෘදය සාක්ෂියට ද්‍රෝහිකමක් නොකරන මාධ්‍යවේදියකු බව මම විස්වාස කරන අයුරින් මාගේ සිතේ ඇතිවන ඇතම් අදහස් ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙන් සිටින්නෙමි…

පසුගිය දින කිහිපයකදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මාධ්‍යවල, සමාජ වෙබ්අඩවිවල ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නාමයෝජනා ලබාදීම ගැන දැඩි විවේචනයක් එල්ල කරමින් අදහස් ප්‍රකාශ කර තිබුණි…

නමුත් ශ්‍රී ලංකාවේ වෙනසක් සඳහාවූ හඞක් ලෙස පොදු අපේක්‍ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරිපත් කිරීමේ සිට හුස්ම ගැනීමට හෝ වෙනසක් අවශ්‍යයි යන මාගේ ස්ථාවරය ස්ථීරව තිබුණි..

හේතුව පසුගිය වසර 7 හැර එම ජනතාව සමඟ ජීවත්වූ, ඉන් පසුද ඔවුන්ගේ හැඟීම් සමඟ සම්බන්‍ධතාවයකින් ජීවත්වන නිසාය… එමෙන් මම සිහින ලොවක සක්මන් නොකර යථාර්ථය වටහා ගැනීමට පුරුදුවූ පුද්ගලයකි…

ඒ අනුව “මෛත්‍රී සේද සරම් දෙන එකක් නැහැ නමුත් මහින්දගෙන් තියන අමුඩෙවත් බේරාගන්න ඕනෑ“ යන ලිපියක් පළ කළෙමි.. භාෂා තුනෙන්ම අධික කථා බහට ලක්වූ එම ලිපිය සිංහල පුවත්පත්වල ද නැවැත පළකර තිබුණි…

කෙසේ නමුත් මගේ ස්ථාවරය ගැන අද වනතෙක්, මහින්දගේ පරාජයෙන් ඔහුව ජාත්‍යන්තර අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නොහැකිවූ බවට බොහෝ දෙනෙකු කනස්සල්ලෙන් සිටින අතර එයට සහය දැක්වූ බවට මා කෙරෙහි විමර්ශණයක්ද ඉදිරිපත් කරති…

එවැන්නන්, රනිල්ව පරාජය කර යථාර්ථවාදියකු වන මහින්දව පාලනයට ගෙන ඒමතුලින්, නිදහස කඩිනම් කළ හැකි යැයි පවසා, මැතිවරණය වර්ජනය කිරීමට කොටි සංවිධානය ගත් තීරණය, කොටි සංවිධානය මුල්ලිවායිකාල්වලම ගිලා දැමූ කාරණාව ගැන නිහඞ ප්‍රතිපත්තියක් අනුගමනය කරති…

එලෙසම මහින්දට නාමයෝජනා ලබාදීමේ මතභේදාත්මක තත්වයදී ද මම එම ස්ථාවරයේම සිටියෙමි.. තවඳුරටත් සිටින්නෙමි.. ග්ලෝබල් පුවත් සේවයතුලින් මෛත්‍රී මහින්දට නාමයෝජනා ලබාදීම සම්බන්‍ධයෙන් අනෙක් පාර්ශිකයන් දැක්වූ අදහස් පමණක් පළ කර තිබුණේ එම නිසාය.. නමුත් මා විසින් ලියන ලද ලිපිවල මෛත්‍රීගේ නිහඞතාවය පසුපස යම්කිසි අරමුණක් තිබෙන බව සඳහන් කළෙමි…

එය මෛත්‍රී විසින් ඊයේ දින නිකුත් කළ නිවේදනය මඟින් සනාථවී ඇත.. නමුත් එම නිවේදනයෙන් පසු ද බොහෝ දෙනෙකු මෛත්‍රී කෙරෙහි දැඩි විවේචනාත්මක විරම්ශණයක් එල්ල කරමින් සිටියි… විමර්ශණය වැදගත්ය…

ප්‍රශ්ණ ඇසීමද වැදගත්ය.. සත්‍යතාවය මතුවන්නේ එයතුලින්ය.. මේ සම්බන්‍ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිවේදනයෙහි “ විවෙචන හා විමර්ශණයන් මම අගය කරන්නෙමි.. එය මැඩපවත්වන්නේ නැහැ..“ යැයි පවසා තිබේ.

මම මීට පෙර ලිපියක සඳහන් කර තිබුණෙමි.. පසුගිය දශක පහක අධික කාලයක අපගේ පරාජයන්, විශේෂයෙන් කිසිවකු විසින් පරාජය කළ නොහැකි යැයි විස්වාස කළ නිදහස් අරගලය අප දෑස් ඉදිරියේදීම තුරන්වී යෑමේ වේදනාව සෑම දෙයක්ම අවිස්වාසයකින් යොමුවීමේ තත්වය අප සිත්තුල කාවැදී ඇත..

මාගේ මිතුරකුවූ ආචාර්‍ය සර්වේන්ද්‍රා ඊයේ දින සිය ෆේස්බුක් පිටුවදී මෙම අදහස් පළ කර තිබුණි… බොහෝ දෙනෙකුගේ අදහස් සැරිසරන නමුත් ඔහුගේ අදහස උපුටා ගත්තෙමි.. හේතුව, 1985න් ආග භාගයේ සිට ඔහුව මම හොඳින් දැන සිටින්නෙමි… ඒ නඅවු ඔහුගේ අදහසත් සමඟ යහපත් විවාදයක් බෙදා ගැනීමට හැකියි යන විස්වාසයෙන් එය ද පළකරන්නෙමි…

මෛත්‍රී සහ මහින්ද

මැතිවරණය පෙර:
මාධ්‍ය: මහින්දට නාමයෝජනා නැතැයි පවසනවා, දැන් මහින්ද කුරුණෑග දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා නේද?

මෛත්‍රි: එයට මගෙන් කිසිම එකඟතාවයක් නැහැ.

මැතිවරණයට පසු:
මාධ්‍ය : නිදහස් පක්‍ෂය ජයග්‍රහණය කළත් මහින්දට අගමැති ධූරය ලබා නොදෙන බව පවසා තිබුණි. දැන් මහින්ද අගමැති ධූරය ලබාගෙන නේද?

මෛත්‍රී: එයට මගෙන් කිසිම එකඟතාවයක් නැහැ.

එය අචාර්‍ය සර්වේන්ද්‍රාගේ අදහසය…..

මෙහිදී මට මතභේදයක් ඇත… හේතුව රටේ ප්‍රජාතාන්ත්‍රවාදය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, දේශපාලය කිරීමේ අයිතිය, තමන්ට කැමැති ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ නිදහස තිබිය යුතු යැයි අපි වාද කරන්නෙමු…

මහින්ද රාජපක්‍ෂ විසින් ගෙන එන ලද 18වැනි සංශෝධනය මඟින් තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට තරඟ කළ හැකිය.. පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ තුනෙන් දෙකක බහුතරයකින් එම සංශෝධනය නීතිගත කෙරුණි.. එම සංශෝධනයට එවකට මහින්ද පිලේ සිටි දෙමළ, මුස්ලිම්, කඳුකර පක්‍ෂයන් වැනි සියළු දෙනාම පක්‍ෂව ජන්දය ලබාදී තිබුණි. මහින්ද රාජපක්‍ෂ තුන්වැනි වරටත් තරඟ කළේ ඒ අනුවය..

දැනටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එහි නායකත්වයෙන් යුතු බහුතර පිරිසගේ කැමැත්තට අනුව මහින්දට නාමයෝජනා ලබාදී තිබේ. ප්‍රජාතාන්ත්‍රවාදය හා මූලික අයිතිවාසිකම් ගැන කථා කරන අයට මෙය වටහා ගැනීමට නොහැක්කේ ඇයි?

සුළු ජාතිකයන්ගේ ජන්දය හැර මහින්ද රාජපක්‍ෂ ලක්‍ෂ 58ක ජන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත. ඔහුට පක්‍ෂපාති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් අනුර ප්‍රයදර්ශන යාපා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, සන්ධානයේ සිටින අනෙකුත් පක්‍ෂයන්, බහුතර පිරිසක් මහින්දට නාමයෝජනා ලබාදිය යුතු යැයි ඉල්ලා සිටින්නේ නම්, පක්‍ෂයක ප්‍රජාතාන්ත්‍රවාදයක් තිබිය යුතු යැයි හඞ නඟන පිරිසට මහින්දගේ කාරණාවේදී එය වැටහුනේ නැද්ද?

දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ නායකත්වය ඒකාධිපතිත්වයෙන් කටයුතු කරන බව පවසා සිටින්නන් මහින්දට පක්‍ෂයේ ඇති අයිතිය ප්‍රතික්‍ෂේප කළ යුත්තේ ඇයි දැයි සිතනු ඇත.. ජාති දේශපාලනයේ සිට ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලනය වෙන් කළ නොහැක. එනම් සම්පූර්ණයෙන් ජාතිකත්ව දේශපාලනයේ සිට අපගේ කැමැත්ත අකමැත්තට අනුව ජාතික දේශපානය සහ ජාතික පක්‍ෂවල ද වෙනසක් සිඳුවිය යුතු යැයි සිතීම නිවැරදි ස්ථාවරයක් ද?

ජේ. ආර්. ජයවර්ධන විසින් 1978දී ඉදිරිපත් කළ දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඒ යටතේ තිබෙන මැතිවරණ ක්‍රමයන්තුල ගැටළු රැසක් තිබේ…

මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිවේදනයෙහි මෙලෙස පවසා සිටියේ එම නිසාය.. “මෙම ප්‍රශ්ණයට මහින්ද රාජපක්‍ෂගෙනුත් වැරදක් නැහැ, මෙම ප්‍රශ්ණයට මූලික හේතුව හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මැතිවරණ ක්‍රමයවේ. එම ක්‍රමයතුල ගැටළු රැසක් තිබෙනවා“ යැයි පවසා තිබුණි. එමෙන් මැතිවරණයකට තරඟ කිරීමටත්, නාමයෝජනා ඉල්ලා සිටීමටත් මහින්දට අයිතියක් තිබේ… ඒ අනුව බහුතර පිරිසකගේ සහයෝගය මත එය ලබාදී තිබේ…

නමුත්… “මහින්ද රාජපක්‍ෂට නාමයෝජනා ලබාදීම ගැන මම ලිඛිතව විරුද්ධත්වය පළ කළෙමි“ යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්ථාවරය පවසයි… තවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයාවන්නේ එම පක්‍ෂයෙන් තරඟ කර ජනාධිපතිවරයකු ලෙස පත්වන පුද්ගලයා යැයි එම පක්‍ෂයේ ව්‍යවස්ථාව සඳහන් කරයි.. මේ සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අධිකරණයට ගියේ නම් මෛත්‍රීගේ පක්‍ෂ නායකත්වය ප්‍රශ්ණාර්ථයක් වනු ඇත. හේතුව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස හංසයා ලකුණින් තරඟ කර ජනාධිපති ධූරයට පැමිණ සිටියි.

මෙවැනි තත්වයකදී, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මැතිවරණයට තරඟ කළේ මහින්ද රාජපක්‍ෂය. එලෙස බැලූ විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීතිමය බලය ද හිමිවන්නේ මහින්දගේ පැත්තටය.

මේ ගැන දේශපාලනයේ බුද්ධිමත් රනිල් හා මෛත්‍රී ද හොඳින් දැන සිටියි. මෛත්‍රීගේ ලැජ්ජ නහර කපල ද යැයි විවේචනය කළ හරීන් ප්‍රනාන්දුට මෛත්‍රීගෙන් සමාව ඉල්ලා සිටින්නයි රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ එම නියාසය…

තවද මහින්දට නාමයෝජනා ලබාදුන් දින සියළු දෙනාම කලබලයට පත්වී සිටි අවස්ථාවක “ජනාධිපතිවරයා සහ මම ජනවාරි මස 8වැනි දා ගත් තීරණයට අනුව ගමන් කරනවා“ යැයි සිය ටුවීටර් පිටුවේ සඳහන් කර තිබුණි. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ ජනාධිපතිවරුන්, බලතල හිමි අගමැතිවරුන්, සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතාව ජාතික දේශපාලනය යන ස්ථාවරයක සිට (දෙමළ ජාතික දැක්මෙන් නොවේ) බලන විට මෛත්‍රීගේ ගුණාංගයන් වටහා ගත හැක.

කෙසේ නමුත් බලයේ සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපතිවරයකු වශයෙන් එකීය රටක් දේශයන් දෙකක්, ස්වාධීන පාලයක්, ජාතික ස්වයං නිර්ණය අයිතිය, ඉඩම් හා පොලිස් බලතල ඇතුළු විසඳුම් මල්ලක්ම දෙයි, දෙමළ ජනතාවට නිදහස් දෙනු ඇතයි මම පැවැසුවේ නැහැ.. එලෙස සහතිකයක්ද නොදෙන බව නැවැත පවසා සිටින්නෙමි.

නමුත්…

01) 1978න් පසු බලයට පැමිණි ජනාධිපතිවරයකු තමන් විසින්ම තම බලතල අවම කිරීමේ නීතිය ක්‍රියාත්මක කර පෙන්වා තිබේ.. එය ඉටු නොකළේ නම් මහින්ද අගමැතිවුනත් ජේ. ආර්. ජයවර්ධනට ප්‍රේමදාස, ප්‍රේමදාසට ඩි.පි. විජයතුංග, චන්ද්‍රිකාට රත්නසිරි වික්‍රමනායක, මහින්දට ඩි.එම්. ජයරත්න මෙන් මෛත්‍රීට මහින්දට ලෙස තිබිය යුතුයි… නමුත් අගමැතිගේ නායකත්වයෙන් යුතු පාර්ලිමෙන්තුවේ බලතල වැඩි කිරීම මහින්දගේ පැනීමට හේතුවකි…

02) රනිල්ගේ රජය සුළුතර රජයක් ලෙස තිබුණත් අගමැති හො අමාත්‍යවරුන් කෙරෙහි තම මැදිහත්වීමක් නොදැක්වූ ජනාධිපතිවරයකි… ( අර්ජුන මහෙන්ද්‍රන්ට දූරයෙන් ඉවත්වන ලෙස කියන්නයි අගමැතිගට පැවැසූ බව එක් තැනකදී සඳහන් කර තිබුණි.. හිටපු ජනාධිපතිවරුන් දැනුම් දෙන්නේ ධූරයෙන් ඉවත් කළ පසුය… උදාහරණය රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේදී ජෝර්ජි බුෂ් මහතා සමඟ සාකච්ඡාවක යෙදී සිටියදී හදිසියෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා විසින් ආරක්‍ෂක අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ තුනක් පවරාගෙන තිබුණි. එවිට පුවත් ආවරණය කිරීම සඳහා මම ද ඇමරිකාවට ගොස් සිටියෙමි… ඇමරිකාවේ වෙලාවින් අළුයම 2ට පමණ රනිල් වික්‍රමසිංහ මම ඇතුළු මාධ්‍යවේදීන් කණ්ඩායම කැඳවා චන්ද්‍රිකා විසින් අමාත්‍ය දූරයෙන් අහෝසිකර පවරා ගැනීම හෙලාදැක ප්‍රකාශයක් නිකුත් කළේය.)

03) නිදහසට පසු පක්‍ෂ දේශපාලනයට එහා රට ගැන හිතපු එකම ජනාධිපති…. නමුත් 2004දී චන්ද්‍රිකා කුමාරතුංග තම පක්‍ෂයට වැදගත්කමක් ලබාදී රනිල්ගේ රජය විසුරුවා හැරියාය.

04) පක්‍ෂය කුමක් ද යැයි කණගාටු නොවුනු බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය පරාජයවීමට මම කැමැති නැහැ යැයි තම පක්‍ෂය නොවන රජයක් බේරාගත් පළමු ජනාධිපති…

05) රනිල්ට එරෙහිව විස්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර මහින්දව ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමෙන්තුවට ගෙන්වා, අගමැති ධූරය ලබාදීම මහින්ද පාර්ශවයේ සැලසුමක්වී තිබීමෙන් රනිල්ව බේරා ගැනීම සඳහා පාර්ලිමෙන්තුව විසුරුවා හැරියේය.

06) පැවැත්වීමට නියමිත මහ මැතිවරණයදී එක්සත් ජාතික නිදහස් සන්ධානය ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්‍ෂට අගමැති ධූරය ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබේ… ( පක්‍ෂයේ නායකයා යන තනතුරටත් එහා – රටේ ජනාධිපති යන බලය ඔහු සතුව තිබේ)

07) ඉදිරියදී දිගින් දිගටම මහින්ද රාජපක්‍ෂ පරාජයට මුහුණ දෙන බව පැවැසීමෙන් මහින්ද පිලට තමන්ගේ විරුද්ධත්වය ප්‍රසිද්ධව පළකර තිබේ.

08) තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමෙන්තුවක් පත් කිරීම සිය බලාපොරොත්තුව බව පැවැසීමෙන් එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමෙන්තුවක් නොවන බව පැහැදිළිව පවසා තිබේ.

09) මහ මැතිවරණයදී ජයග්‍රහණය කරන රජයක් තමන්ට අවශ්‍ය නොවන බවත් ජනවාරි මස 8වැනි දා ලබාදුන් පොරොන්දු ඉටුකළ හැකි රජයක් පිහිටුවීම තම අරමුණ බව ද පවසා තිබේ… එමඟින් යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ රජය පිළිගෙන තිබේ..

10) මහින්ද රාජපක්‍ෂ සමඟ කිසිඳු සම්බන්‍ධකමක් නැහැ… ඔහු ගැනවූ තම ස්ථාවරයේ කිසිම වෙනසක් නැතැයි පවසා තිබේ…

11) වසර 49ක් එක් පක්‍ෂයක සිට දේශපාලනය කළ පුද්ගලයකු තම පක්‍ෂයේ යහපත ඉදිරිපත් නොකර, මහ මැතිවරණයදී ස්වාධීනව කටයුතු කරන බවත්, කිසිඳු පාර්ශවයකට සහයෝගය ලබා නොදෙන බව ද ප්‍රකාශ කර තිබේ. මෙය වෙනත් කිසිවකුට කිරීමට නොහැක…

12) “ඔබ වෙනුවෙන් දිනාගත් ප්‍රජාතාන්ත්‍රවාදය නැති කරගන්න එපා, ප්‍රජාතාන්ත්‍රවාදය අපයෝජනයට ලක්කරන්න එපා“ යැයි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටීම තුලින් යහපාලන රජය ජයග්‍රහණය කරවන්නයි ඉල්ලා සිටියි…

13) දුෂ්ඨයා, පාවා දෙන්නා, ද්‍රෝහියා යැයි තමන්ට බොහෝ දෙනෙකු විවේචනය කළ බවත්, එවැනි චෝදනාවන් විවේචනයන් මාධ්‍යතුල පළ කිරීමට තරම් මාධ්‍ය නිදහස ලබාදී තිබේ. මාව විවේචනය කරන්නන්, දැන් රටේ පවතින ප්‍රජාතාන්ත්‍රවාදී තත්වය ගැන සොයා බැලිය යුතු යැයි පවසා සිටි ජනාධිපතිවරයා, පසුගිය ජනවාරි මස 8වැනිදාට පෙර ජනාධිපතිවරයකුව විවේචනය කළේ නම් සිඳුවන දැය මදක් සිතා බලන්නයි පවසා…. මාධ්‍ය නිදහසට අනුමැතිය ලබාදුන් ප්‍රථම ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්විය…

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කාලයේදී මහාධිකරණ විනිසුරුට තර්ජනය කර, ඔහුගේ නිවසට ගල් මුල් ප්‍රහාර එල්ලකර, ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය… තමන්ව විවේචනය කළ මාධ්‍යන් මර්ධනය කිරීමට ද පියවර ගත්තේය.

ප්‍රේමදාස මහතාගේ කාලය කියන්නට දෙයක් නැත… රිච්චර්ඩ් සොයිසා සිට මාධ්‍ය ආයතන මුහුණ දුන් ගැටළුකාරි තත්වය සියළු දෙනාම දන්නා කරුණකි…

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේ සටන පුවත්පත් කර්තෘට සිඳුවූ දැයි ජනතාව දන්නා කරුණකි…

මහින්ද රාජපක්‍ෂ තම බලය කෙතරම් දුරට භාවිතා කළේද කියා මුළු ලොවම දැක කම්පනයට පත්වුණි…

නමුත් මහින්ද තරම් උගත් නොවූ මෛත්‍රී තම දේශපාලන අත්දැකීමතුලින් කටයුතු කර මහින්දට නාමයෝජනා ලබා නොදී තනිවම මහින්ද කෙනෙකුව ගෙදර නොයවා මහින්ද කල්ලියම ජනතාව විසින් පරාජය කරවීමේ, දේශපාලන පාඩමක් ඉගැන්වීමේ දේශපාලනය, ජනාධිපතිවරයකුව මගේ කාලයතුල දැකින්නේ ප්‍රථම වතාවටය…

ඒ අනුව දශක පහක දේශපාලන පක්‍ෂයන් අභිබවා සිතන ජනාධිපති, අගමැති, අමාත්‍යවරුන් විශාල පිරිසක්, ජයම්පති වික්‍රමරත්න ඇතුළු වාමාංශිකයන්, කම්කරු සංගම්, ශිෂ්‍ය සමාජය, සරසවි සමාජය, ඇතුළු සිවිල් සංවිධාන 49ක් එකම රේඛාවක් යටතට පැමිණේ. ජනාධිපතිවරයා සිය නිවේදනය නිකුත් කිරීමට පෙරාතුවම මහින්ද පාර්ශවයට ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාවක් නැති බව මම මාගේ ලිපියක සඳහන් කර තිබේ. ජනාධිපතිවරයාගේ නිවේදනයෙන් අනතුරුව මහින්දගේ දොරටුව වැසී ගොස් ඇත…

දෙමළ ජනතාවගේ වසර 27ක අහිංසාවාදී අරගලය, 30 වසරක ආයුධ අරගලයේ අත්දැකීම්වල ප්‍රථිපලය දැකගත හැක්කේ දෙමළ පාර්ශවය අගෝස්තු 17 වැනි දින පත්වීමට නියමිත මෛත්‍රී – රනිල් නායකත්වයෙන් යුතු නව රජයෙන් ඇති වන අළුත් දේශපාලන වාතාවරණයකදී කටයුතු කරන ආකාරයෙන්ය.

Nadarajah Kuruparan – GLOBAL TAMIL NEWS
Translate by – Jasmin
GLOBAL TAMIL NEWS [ SINHALA ]