WORLD NEWS

මුතූර් සහන සේවකයන් ඝාතන සිද්ධිය සම්බන්‍ධ පරීක්‍ෂණ කටයුතු කඩිනම් කරන්න – ACF

මුතූර්හි ජාත්‍යන්තර සංවිධානයේ සහන සේවකයන් දාහත් දෙනෙක්‌ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධ පරීක්‍ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ප්‍රංශයේ ඇක්ෂන් එගෙයින්ස්ට් හැන්කර් සංවිධානය රජයෙන් ඉල්ලා තිබේ. වසර දහයකට පෙර ඉකුත් සංවිධානයේ සහන සේවකයන් 17 දෙනෙකුව වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ඉකුත් සිද්ධිය සිදුවී වසර දහයක් ගෙවී ඇති අතර, ඉකුත් සංවිධානය විශ්වාසනීය පරීක්‍ෂණයක් පවත්වන්නැයි වත්මන් රජය වෙත ඉල්ලා තිබේ. සංවිධාන පරිශ‍්‍රයෙහි ආධාර සේවකයන් පෙළ ගස්වා කිසිදු වග විභාගයකින් තොරව ඝාතනය කර තිබීම සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිවකුව නීතියේ ඉදිරියට ගෙනවිත් නොමැති බව පෙන්වාදී තිබේ.

යුද අපරාධ කළ පුද්ගලයන් ගැන විමර්ශණය කර ඔවුන්ට නිසි දඞුවම් ලබා දෙන බවට ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවට ලබාදුන් සහතිකය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි ඒ.සි.එෆ්. සංවිධානය අවධානයෙන් සිටින බව එම සංවිධානයෙහි විධායක නිළධාරි Andrea Tamburini  පවසා තිබේ.

අපරාධ ක්‍රියාවලට වගවීමේ යාන්ත්‍රණය විශ්වාසනීය නීතිමය විසඳුමක් ලෙස තිබිය යුතු බවත් ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් සිදුකරණ පරීක්‍ෂණ කටයුතු ගැන අවධානයෙන් සිිටින බව ද වැඩිදුරටත් පවසා තිබේ.