ARTICLES MUSLIMS

අධිකරණ අමාත්‍යතුමනි! මෙහි ඇති සාධාරණත්වය කුමක් ද?

විජයදාසශ්‍රී ලංකාවේ පවුල් 4 ක 32 දෙදෙනෙකු ISIS සංවිධානයේ පුහුණුව පිණිස සිරියාවට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද  (18.11.2016) පාර්ලිමෙන්තුවේදී කීය.

පැරණි පුවතක් ගැන ඒ මහතා එහිදී පවසා තිබේ. මුස්ලිම් ප්‍රජාව පසුගිය වසරේදීම එම පුවත සම්බන්‍ධයෙන් පැහැදිළි පිළිතුරක් ලබාදී තිබුණි. ඒ සම්බන්‍ධ සත්‍යතාවය සොයා බලා කරුණු අනාවරණය කරද තිබුණි.

32 දෙනෙකු නොව කිහිප දෙනෙකු පමණක් එයට සම්බන්‍ධ වූ සත්‍යතාවය මෙරට බුද්ධි අංශයට දැන සිටිනු ඇත. 23.07.2015 දින IS (ISIS) සහ ත්‍රස්තවාදය පිළිබඳව ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංවිධානවල ඒකාබද්ධ ප්‍රකාශණයක් දෙමළ, සිංහළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නිකුත් කර තිබුණි.

“සමස්ත ලංකා ජමියතුල් උලමා ආයතනය විසින්  22.07.2015 දින පැවැත්වූ ත්‍රස්තවාදයට එරෙහි සමුළුවට සහභාගි වූ ප්‍රධාන මුස්ලිම් සංවිධානවල නියෝජිතයන් වන අපි සියළු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉතා පිළිකුල් ලෙස හෙලාදැකින්නෙමු“ යැයි එම ප්‍රකාශණය ආරම්භ වේ.. එම ප්‍රකාශණයේ සඳහන් කරුණු කිහිපයක් පහත සඳහන්ය..

“IS (ISIS) වැනි ඉස්ලාම් ආගමට පටහැනි ලෙස කටයුතු කරන ත්‍රස්තවාදී සංවිධාන සමඟ යම්කිසි කෙනෙකු සම්බන්‍ධවී ඇත්නම් අපි එය ඉතා තරයෙන් හෙළාදකින අතර, එවැනි සංවිධාන හා ඉස්ලාම් ආගමේ මූලික සිද්ධාන්ත අතර කිසිඳු සම්බන්‍ධයක් නොමැති බව තරයෙන් අවධාරණය කරන්නෙමු.

යම්කිසි පුද්ගලයකු ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්‍ධකම් පවත්වාගෙන ඇත්නම් ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු. අපේ රට මෙවැනි සමාජ විරෝධි අපරාධ ක්‍රියාවලින් බේරා ගැනීම සඳහා රාජ්‍ය ආයතන හා ආරක්‍ෂක අංශයට අපගේ පූර්ණ සහාය ලබාදීමට සූදානමින් සිටින්නෙමු.

තවද, මාධ්‍ය ආයතන මෙවැනි කරුණු කාරණා පළ කරන විට ඉතා වගකීමෙන් සහ අපක්‍ෂපාතීව කටයුතු කළ යුතුය. ඇතම් මාධ්‍ය විසින් මෙවැනි පුවත් පළ කරන විට එය විකෘති කර, වැරදි අසත්‍ය පුවත් පළ කිරීම වැනි සමාජ සමඟිය සහ සහජීවනයට බාධාවක් වන අයුරින් කටයුතු නොකළ යුතුයි.

මුස්ලිම්වරුන් වන අපි අපගේ මව් රටේ ශත වරශ ගණනාවක් දේශහිතෛෂී භාවයෙන්, අනෙකුත් සමාජ ජන කොටස් සමඟ සමඟියෙන් ජීවත්වන්නෙමු. තවද අපගේ මව් බිමට අයහපතක් වන කටයුතුවලද, ශ්‍රී ලංකාවේ ජන ප්‍රජාවන් අතර සමඟිය කඩාකප්පල් වන කටයුතුවලද මෙරට මුස්ලිම් ජනතාව කිසිවිටක නොයෙදෙන බව තරයෙන් පවසා සිටින්නෙමු.
ඔබතුමා අද විත්ති කූඩුවේ තැබීමට උත්සහ කරන  මුස්ලිම් සංවිධාන ඇතුළු තවත් මුස්ලිම් සංවිධාන රැසක් එක්ව තමයි අදාළ ප්‍රකාශණය නිකුත් කළ බව ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙන් සිටින්නෙමු. එය පහත සඳහන්ය..
ll Ceylon Jamiyyathul Ulama (ACJU)
Muslim Council of Sri Lanka (MCSL)
Sri Lanka Jamat e Islami (SLJI)
Jama’athus Salama (MFCD)
Jamiyyathus Shabab (AMYS)
Al-Muslimath
International Islamic Relief Organization (IIRO)
World Assembly of Muslim Youth (WAMY)
All Ceylon YMMA Conference (YMMA)
Thableegh Jama’ath
All Ceylon Thowheedh Jama’ath (ACTJ)
Colombo District Masjid Federation (CDMF)

හෙට දින සියළු පුවත්පත්වල ප්‍රධාන පුවත ලෙස ඔබගේ කථාව පළ කරනු ඇත. ජනතාව භීතියට පත්වනු ඇත, අවේගශීලි වනු ඇත, ජාතිවාදීන් අනවශ්‍ය ප්‍රචාරයක් ගෙන යනු ඇත, සමාජ ජාල වෙබ් අඩවිවල අපහසාත්මක ලෙස හැසිරෙනු ඇත, සිත් අමනාපයක් ඇතිවේ. මෙමඟින් ජාතීන් අතර විරසක්, පරස්පර ක්‍රෝධයක්, වෛරයක් හැර වෙනත් කිසිවක් සිදුවන්නේ නැත.

මෙවැනි තත්වයකදී පැරණි පුවතක් සම්බන්‍ධයෙන් ඔබ අද දින කළ කථාවේ පසුබිම කුමක්ද ? ඔනෑකමින් ද ? නැතිම් ඔබට එම පුවත ලැබුණේ ඊයේ දිනයේදී ද? එසේත් නැති නම් දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සහයක් ද? ????

අධිකරණ අමාත්‍යතුමනි! මෙහි ඇති සාධාරණත්වය කුමක් ද?

★ Jemsith Azeez  – [email protected]
★ Translate By – Reezah Jasmin