SRILANKAN NEWS

තමලනීගේ පොතෙන් උපයා ගත් මුදලක් පිලිකා රෝහලට පරිත්‍යාගකරයි

– Global Tamil News –

තමලනීගේ පොතෙන් උපයා ගත් මුදලක් පිලිකා රෝහලට පරිත්‍යාගකරයි

එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා අංශයේ හිටපු නායිකා සිවගාමී ජෙයකුමාරන් හෙවත් තමිලිනී විසින් රචිත ‘තියුණු අසිපතක සෙවන යට’ ග‍්‍රන්ථයෙන් උපයා ගත් රුපියල් ලක්ෂ තුනක මුදලක් මහරගම පිළිකා රෝහලට පිරිනැමීම ලබන 05වනදා  ඇගේ ස්වාමියා සහ ග‍්‍රන්ථ ප‍්‍රකාශක චිත‍්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් සිදුවන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ධර්මසිරි බණ්ඩාරනායක මහතා පවසන්නේ ජෙයකුමාරන් ගේ ඉල්ලීමකට අනුව සිදු කෙරෙන මෙම ප‍්‍රදානය මහරගම පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ දරුවන්ට ඖෂධ මිලට ගැනීමට පිරිනැමෙන බව ධර්මසිරි බණ්ඩාරනායක මහතා සඳහන් කරයි.

පිළිකා රෝගයට ගොදුරුව මහරගම ප‍්‍රතිකාර ලබමින් සිටියදී තමිලිනීගේ අවසන් ඉල්ලීම වූයේ තමා විසින් ලියා අවසන් කළ කෘතියෙන් ලබා ගන්නා ආදායමෙන් කොටසක් පිළිකා රොහලේ ප‍්‍රතිකාර ලබන දරුවන්ට ලබා දෙන ලෙස යැයි එම පොත එළිදක්වන අවස්ථාවේදීද ඇයගේ ස්වාමියා විසින් ප්‍රකාශ කළේය.

– ග්ලෝබල් දෙමළ පුවත් –