ARTICLES SRILANKAN NEWS

ඉරණමඩු ඉපාට් ව්‍යාපෘතියෙහි අක්‍රමිකතා රැසක් – ගොවීන්ගෙන් චෝදනා

img_9162කිලිනොච්චිය ඉරණමඩු සංවර්ධණ වැඩපිළිවලේ කොටසක් වන ඉපාට් ව්‍යාපෘතිය යටතේ සිදුකරන සංවර්ධන කටයුතුවල අක්‍රමකිතා රැසක් සිදුව ඇති බවට ගොවීන් චෝදනා කර තිබේ.

අදාළ ව්‍යාපෘතිය යටතේ ඉරණමඩු වැව යටතේ පවතින ගොවිජන සංවිධාන ඇතුලත් ප්‍රදේශවල මාර්ග, පාලම්, වාරි මාර්ග කටයුතු, පොදු ළිං ඇතුළු වැඩපිළිවල් රැසක් විශාල මුදල් වියදමකින් ඉදිකරන අතර, එම සංවර්ධන වැඩ කටයුතුවල මෙලෙස අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවට ගොවීන් චෝදනා එල්ල කර තිබේ.

පාලම්, වාරි මාර්ග පද්ධතිය, බොහෝ ස්ථානවල ඉදිකර ඇති නමුත් එය නිසි ප්‍රමිතියකින් ඉදිකර නැති බවත්, මෙම ඉදිකිරීම් දැනට පවතින සුළු වාර්ෂාවට පවා සේදී විනාශවන අයුරින් තිබෙන බව පවසා තිබේ.

විශේෂයෙන් කිලිනොච්චිය තිරුවයියාරු ප්‍රදේශයේ ඉදිකරන ලද පොදු ළිඳ පුපුරා ගොස් ඇති බැවින් ඔනෑම අවස්ථාවක එය කඩා වැටීමේ අවධානම් තත්වයක තිබේ. එපමණක් නොව එම ප්‍රදේශයේ අලුත්වැඩියා කර අවසන් යැයි පැවැසූ මාර්ගවල ටැක්ටර් රථයක් හෝ ගෙන යාමට නොහැකිව අබලන්වී තිබීම පෙන්වාදී තිබේ.

img_9165මෙලෙස ඉපාට් ව්‍යාපෘතිය යටතේ සිදුකළ සංවර්ධන කටයුතුවල අඩුපාඩු රැසක් තිබෙන බවත්, මෙම ව්‍යාපෘතිය සඳහා විශාල මුදලක් වෙන්කර ඇති හෙයින් එයට අනුව දිගු කලකට භාවිතා කළ හැකි අයුරින් ඉදිකිරීම් කටයුතු සිදුකරන්නැයි ගොවීන් ඉල්ලා තිබේ.

මේ අතර මෙම අක්‍රමිකතා ගැන බළධාරීන්ට හා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට දැනුවත් කළ නමුත් මෙතෙක් එයට නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැවැසේ.

මේ අතර, මේ සම්බන්‍ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්ක නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්‍ෂක එන්දිරි සුදාකරන් මහතාගෙන් විමසූ විට, ඉපාට් ව්‍යාපෘතිය යටතේ මෙවැනි අඩුපාඩු හා අක්‍රමිකතා රැසක් img_9174

සිදුව ඇති බවත්, වර්ෂාවෙන් අනතුරුව එම අඩුපාඩු හෙළිවී ඇති බවද හෙතෙම පවසා සිටියේය. තවද අදාළ දෙපාර්තුමෙන්තු විසින් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගෙන් එම සංවර්ධන කටයුතු මෙතෙක් භාරගෙන නොමැති බවත්, එලෙස භාරගන්නා විට එහි අඩුපාඩු තිබෙන්නේ නම් ගිවුසුමට අනුව එම වැඩ කටයුතු භාර නොගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

img_9158 img_9176

ග්ලෝබල් දෙමළ පුවත් – සිංහළ පරිවර්තනය – රීසාහ්