SRILANKAN NEWS

උතුරේ මහ ඇමැති සංහිඳියාවට බාධාවක් – රුවන් විජයවර්ධන

Ruwan Wijewardana 01

රජයේ සංහිඳියා වැඩපිළිවලට උතුරු මහ ඇමැතිවරයා බාධා එල්ල කරන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (6) පෙරවරුවේ බියගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්ය.

ජනවාර්ගික ප්‍රශ්ණයට යම්කිසි විසඳුමක් ලබාදීමට අවශ්‍යයි යන ස්ථාවරයේ සිට සංහිඳියාවක් ඇති කිරීමට අවශ්‍ය යැයි රජය කටයුතු කරමින් සිටින අවස්ථාවක උතුරේ සිටින ඇතම් දේශපාලකයන් එම සංහිඳියාව ඇති කිරීමට බාධා එල්ලකරමින් සිටියි.

විශේෂයෙන් මොරගහකන්ද ව්‍යාපෘතිය ආරම්භ කරන විට උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා, එම ජලාශයෙන් උතුරට ගලා එන ජලය උතුරු පළාත් සභාවේ බලයට ගත යුතු බවත්, ඔවුන්ගේ අනුමැතිය යටතේ තමයි එම ප්‍රදේශවල ජනතාවට ජලය බෙදා දිය යුතු බව පවසා තිබේ.

එම ප්‍රදේශවල ජනතාවට ජලය ලබාදීමේ කටයුතුවලදී ද උතුරේ මහ ඇමැතිවරයා දේශපාලනය භේදයක් ඇති කිරීමට උත්සහ කරයි. සංහිඳියාවක් ඇති කරන්නට අවශ්‍ය නම් සද්භාවයෙන් කටයුතු කළ යුතුය. හිස නමාගෙන සංහිඳියාවට සූදානම් නැති බව රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පවසා තිබේ.