SPORTS

වසරේ දක්ෂතම පා පන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ

2016 වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස පෘතුගාල ජාතික කණ්ඩායම හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්මාන ලැබීය. ඔහු මෙවර වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ සිව්වැනි අවස්ථාවේ.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සංවිධානය කළ වාර්ෂික බැලැන් ඩෝ සම්මාන ප්‍රදානය ස්පාඤඤ්යේ මැඩ්රීඩ්හිදී පැවැත්විණ.

පසුගිය වසරේ පස්වැනි වතාවට ලෝක පාපන්දු ක්‍රීඩකයා සම්මාන හිමිකරගත් ආජන්ටිනා හා බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන ලියොනාල් මෙසී පරාජය කරමින් රොනාල්ඩෝ මෙවර සම්මානය දිනාගත්තේය.

ඒ අනුව 2008 වසරේ සිට 2016 දක්වා වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය රොනාල්ඩෝ හා මෙසී අතර දොලනය වී තිබේ.

රොනාල්ඩෝ, මේ වසරේ පැවති ජාතික සහ ක්‍රීඩා සමාජ පාපන්දු තරග 54 කදී ගෝල 51 ක් රැස් කර තිබේ. වසරක කාලක් පාපන්දු පිටියේ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින් මෙම බැලැන්ඩෝ සම්මානය ප්‍රදානය කරනු ලබයි.