SRILANKAN NEWS

යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය – කිලිනොච්චිය ප්‍රතිඵල නිකුත් වෙයි..

යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය අද (10) රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 661කදී පෙරවරු 7ට සිට පස්වරු 4 දක්වා පැවැත්වුණි.

රට පුරා සිටින යෞවන සමාජවල සාමාජික සාමාජිකාවන් වන ඡන්ද දායකයන් තුන් ලක්ෂ හතළිස් දහසක් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුඳුසුකම් ලබා සිටි අතර, යෞවන සමාජවලින් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයින් ගණන 916කි.

අපේක්ෂකයින් අතුරින් 225 දෙනකු යොවුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගැනීමට නියමිත අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අපේක්‍ෂකයන් 19 දෙනෙකු තරඟ කළ අතර ජන්දය ප්‍රකාශ කිරීම සඳහා 3876 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

එහිදී පච්චිලයිපල්ලි ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට අයත් කන්දයියා විජයරූපයන් ජන්ද 329ක් ලබා යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී තිබේ.

මෙවර යොවුන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවන්ගේ පළමු සැසිවාරය 2017 ජනවාරි මස දෙවැනි සතියේදී මහරගම පිිහිටි ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමෙන්තුවේදී පැවැත්වීමට නියමිතය.