SRILANKAN NEWS

විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මඟින් පළාත් සභාවලට කිසිඳු බලපෑමක් නැහැ – අගමැති

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මඟින් පළාත් සභාවලට කිසිඳු බලපෑමක් ඇති නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ පළාත් සභා ප්‍රධාන ඇමැතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි. එහිදී අදහස් ප්‍රකාශ කරමින් අගමැතිවරයා මේ බව පවසා තිබේ.

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මඟින් සිදු කෙරෙනුයේ පළාත් සභා විෂයයන් මධ්‍යම ආණ්ඩුව යටතට ගැනීමක් නොව ජාතික සංවර්ධනය සඳහා පළාත් සභා ක්‍රියාකාරී ලෙස සහභාගී කර ගැනීමක් බවත්, පළාත් සභාවන්ට අයත් කිසිදු විෂයකට කිසිදු බලපෑමක් මේ පනත මගින් සිදු ‍නොවන බව හෙතෙම අවධාරණය කර තිබේ.

මෙම සාකච්ඡා අවස්ථාවට දකුණ, බස්නාහිර, නැගෙනහිර, ඌව යන පළාත් ප්‍රධාන ඇමැතිවරු සහභාගිවූ අතර, මේ සම්බන්‍ධයෙන් අනිකුත් ප්‍රධාන ඇමතිවරුන් සමඟ ද සාකච්ඡා කොට මේ පිළිබඳ යෝජනාවලියක් කඩිනමින් ඉදිරිපත් කරන බවද ඔවුන් පවසා තිබේ.