INDIAN NEWS

යුද්දය පැවැති සමයේ අපි තුන් වේලම කෑවේ බිරියානි..

ශ්‍රී ලංකාවේ යුද්දය පැවැති කාලයේ අපි තුන් වේලම බිරියානි කෑවෙමු. දැන් කැඳ වේලකට මඟක් නැතිව පීඩාවට පත්වී සිටින්නෙමු යැයි රාමේස්වරම් ධීවරයෙකු පවසයි.

කච්චතිව් අන්දෝනියාර් දේවස්ථානය විවෘත කිරීමේ උත්සවයට පැමිණි රාමේස්වරම් ධීවරයෙකු මාධ්‍යට මෙලෙස පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ යුද්දය අවසන්වී දෙමළ ජනතාව සතුටින් ජීවත්වෙනවා, අද වාගේ සැමදා සතුටින් ජිවන්විය යුතුයි. යුද්දය පැවැති සමයේ අපි නිදහසේ මුහුදට ගොස් මසුන් අල්ලා එමඟින් ලැබෙන ආදායමෙන් තුන් වේලම බිරියානි කන්න පුළුවන් හැකි තත්වයක සිටියෙමු. දැන් අපි මුහුදට යන්න බයයි. මුහුදට ගියේ නම් මායිම උල්ලංඝණය කළැයි කියා ශ්‍රී ලංකා නාවික හමුදාව අපිව අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාර ගත කරනවා. මේ හේතුවෙන් අපිට රැකියාවක් කරන්න නොහැකි තත්වයක සිටින්නෙමු.

ඉන්දු – ලංකා ධීවර ගැටළුවට දෙරට රජය එක්වී ස්ථීර විසඳුමක් ලබාදිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.