WORLD NEWS

ලොව ජනප‍්‍රිය පොප් ගායකයෙකු වන ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි

ලොව පුරා සංගීත ලෝලින් පින වූ ජනප්‍රිය ගායක ජෝර්ජ් මයිකල් අද අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 53 වන වියේ පසු වූ ජෝර්ජ් ඔහුගේ නිවසේදී මිය ගිය බව ඔහුගේ ප්‍රකාශකවරයා විදෙස් මාධ්‍යට පවසා ඇත. ලෝක ප්‍රකට ගායක ජෝර්ජ් මයිකල්ගේ ගීත ඇල්බම මිලියන 100කට අධික සංඛ්‍යාවක් අලෙවි වී තිබේ.

රසික හදවත් අමානන්දනයට පත්කළ ජෝජ් මයිකල්ගේ නාමය ලොව පුරා සංගීත ලෝලින්ගේ අතර ප්‍රචලිත වූයේ ‘Wham’ සංගීත කණ්ඩායම හරහා ය.

‘Wake Me Up Before You Go Go’, ‘Careless Whisper’, ‘Freedom’ ආදී ගීතය ලොව පුරා ගීත දර්ශකවල ප්‍රථම ස්ථානයේ රැඳිණ. ජෝර්ජ් මයිකල් තනිව ම ගීත ගායනට පිවිසෙන්නේ 1989 වර්ෂයේදී ය. ඒ, ‘Faith’ ඇල්බය හරහා ය.

විදෙස් වාර්තාවල දැක්වෙන ආකාරයට ජෝර්ජ් මයිකල් තමන් ප්‍රසිද්ධ වේදිකාවක අවසානයේ ගීතියක් ගායනා කර ඇත්තේ 2012 වර්ෂයේ ලන්ඩන් ඔලිම්පික් උලෙළෙ සමාරම්භක උත්සවයේදී ය.

 

දශක 4කට අධික කාලයක් සංගීතඥයෙකු උදෙසා සිය දිවිය කැප කළ මෙම සංගීත ශිල්පියාගේ අභාවය වෙනුවෙන් ලොව පුරා සංගීත ලෝලීහු සංවේගය පළ කරමින් සිටිති.