SRILANKAN NEWS

විජයකලා අක්කාට මොනව හරි වුනොත් බෝම්බ ගහන්නත් පසුබට වෙන්නේ නෑ – මාධ්‍යවේදියාට තර්ජනය කරයි..

විජයකලා අක්කාට මොනව හරි වුනොත් බෝම්බ ගහන්නත් පසුවට නොවන බවට කිලිනොච්චියේ මාධ්‍යවේදියකුට මරණ තර්ජනය කර තිබේ.

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අද සිටියේ නම් ඔහු අගමැතිවරයා වනු ඇති බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගියදා කළ ප්‍රකාශයක් මාධ්‍යවල පළ කර තිබුණි.

මෙවැනි තත්වයකදී ඉකුත් පුවත ඉංග්‍රීසි පුවත්පතක කිලිනොච්චිය මාධ්‍යවේදියකු වන එස්.එන්. නිපෝජන් විසින් පළ කර තිබුණි. එම පුවත සම්බන්‍ධයෙන් පසුගිය සිකුරාදා (30) දින සිට නාඳුනන පුද්ගලයකු දුරකථනයෙන් ඉකුත් මාධ්‍යවේදියාට තර්ජනය කර තිබේ.

එම පුවත විකෘති කර ලියා ඇති බවත්, ඇතැම් විට අමාත්‍යවරිය නොදැනුවත්ව එලෙස ප්‍රකාශ කර තිබුණත් මාධ්‍යවේදීන් එය නිවැරදි කර පළ කළ යුතුයි. නමුත් එසේ නොකර සිතාමතාම අමාත්‍යවරියට බලපෑමක් ඇති වන අයුරින් පුවත ලියා තිබේ. එමෙන් මෙම පුවත නිසා අක්කාට (ඇමැතිනී විජයකලා) මොනවා හරි වුනොත් කිලිප් චාර්ච් (බෝම්බ ප්‍රහාරය) කිරීමටද පසුබට නොවන බවත්, තමන්ට ඔනෑම ආයුදයක් හසුරවන්න දන්නා අතර සියළු දෙනා සමඟ තමන්ට සම්බන්‍ධකම් තිබෙන බවත්, සෑම ස්ථානයකදීම තමන්ට පුද්ගලයන් සිටින බවද තර්ජනය කර තිබේ.

එම දුරකථන ඇමතුමෙන් අනතුරුව මාධ්‍යවේදී ඒස්.එන්. නිපෝජන් ඊයේ දින කිලිනොච්චිය පොලිස් ස්ථානයේ සිද්ධිය සම්බන්‍ධයෙන් පැමිණිලි කර තිබේ.