SRILANKAN NEWS

යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට කිසිවෙකුට නොහැක – රාජිත සේනාරත්න

යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ අනුව ආණ්ඩුව පෙරළා දමන බවට සිදු කරන ප‍්‍රකාශ සිහිනයක් පමණක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මනා දුරදැක්මෙන් යුතුව කටයුතු කරන බව ද ඇතැම් දේශපාලඥයින් පැරණි අදහස් මත කටයුතු කළ ද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අමාත්‍ය රාජිත සේනාරත්න මෙම අදහස් පල කළේ මතුගම කටුගහහේන ප‍්‍රාදේශීය රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින්.