SRILANKAN NEWS

සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවේ රැකියා ඉල්ලා හිටපු කොටි සාමාජිකයන් උද්ඝෝෂණයක

සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවේ තමන්ට රැකියා අවස්ථා ලබා දෙන්නැයි ඉල්ලා හිටපු කොටි සාමාජිකයන් අද (2) දින පෙරවරුවේ කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුව ඉදිරිපිට උද්ඝෝශණයක නිරතවූහ.

පෙරවරු 10ට පමණ එක්රැස්වූ සියයකට අධික හිටපු කාන්තා සහ පිරිමි කොටි සාමාජිකයන් තමන් පුනරුත්ථාපනය ලබා නිදහස් වූ දා සිට ස්ථීර රැකියාවක් නැතිව දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දෙමින් සිටින බවත්, පුනරුත්ථාපනය ලැබූ කාලයේ තමන්ට ගොවිපළ පුහුණුව පමණක් ලබාදී තිබූ බවත්, එමෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවේ රැකියා අවස්ථාවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවට අලුත් සේවකයන් බඳවා ගන්නා බවට තමන්ට තොරතුරු ලැබුණු බවත්, ඒ අනුව අද දින ජාතික හැඳුනුම්පත සහ පුනරුත්ථාපනය ලබා නිදහස් වූ සහතිකය සමඟ පැමිණෙන ලෙස තොරතුරු ලැබුණු හෙයින් මෙහි පැමිණි බව හිටපු කොටි සාමාජිකයන් පවසා සිටියෝය.

මීට පෙර සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවේ රැකියා අවස්ථාව ලබාදුන් විට හිටපු කොටි සාමාජිකයන් විශාල පිරිසක් රැඳවුම් භාරයේ සිටි අතර, නිදහස් වූ කොටි සාමාජිකයන් අතර බොහෝ පිරිසක් අදාළ රැකියාවල නිරතවීමට කැමැත්ත පළ කර තිබුණේ නැහැ. හේතුව අලුතින් හමුදාවට බඳවා ගන්නා බවට ප්‍රචාරයවී තිබීමය. නමුත් දැන් මාසිකව රුපියල් 30 දාහකට අධික වැටුපක් සමඟ ගොවිපළවල ස්ථීර රැකියා ලබාදීම දැකිය හැක.

එමෙන් එවැනි රැකියාවක් ලබා ගැනීමට සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවේ රැකියා අවස්ථාවක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියෝය. තවද පිටත අපි බොහෝ තැන්වල රැකියාවක් ඉල්ලා සිටිය ද හිටපු කොටි සාමාජිකයන්ට සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවේ රැකියා ලබා දෙන බවට පවසා සිටිති. නමුත් මෙහි පැමිණි විට අපට රැකියා ලබාදීම ප්‍රතික්‍ෂේප කරන බව හිටපු කොටි සාමාජිකයන් පවසති.

මේ සම්බන්‍ධයෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තු භාර නිළධාරි මේජර් සාගර වීරසිංහ මහතා පවසා සිටියේ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තු විසින් රැකියා ලබා දෙන බවට පළවු ප්‍රචාරයක් මත හිටපු කොටි සාමාජිකයන් සියයකට අධික පිරිසක් දෙපාර්තුමෙන්තුව ඉදිරිපිට එක්රැස්වී සිටිති. දැනට සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවේ අලුතින් රැකියා ලබාදීමට පුරප්පාඩු කිසිවක් නැහැ. මෙම හිටපු කොටි සාමාජිකයන්ගේ තත්වය ගැන බලන විට කණගාටුදායකය. මේ සම්බන්‍ධයෙන් අපට කිසිවක් කළ නොහැක. කොළඹ සිටින ඉහළ නිළධාරීන් මේ ගැන තීරණය කළ යුතු බව ද පවසා සිටියේය.

අනතුරුවන එහි සිට පිටත්වූ හිටපු කොටි සාමාජිකයන් ඉරණමඩු හංදියේදී රැකියාවක් ඉල්ලා උද්ඝෝශණයක නිරතවූහ. මේ අතර, 170 දෙනෙකුගේ අත්සනින් යුතු සන්දේශයක්ද කිලිනොච්චිය දිස්ත්‍රික්ක දිසාපති වෙත භාරදී තිබේ. තවද ජනාධිපති සහ අගමැතිවරයා වෙත යැවීම සඳහා සන්දේශයක් පාර්ලිමෙන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා වෙත භාරදීමට ද හිටපු කොටි සාමාජිකයන් තීරණය කර තිබේ.