SRILANKAN NEWS

වට්ටුවාකල් ඉඩම් පවරා ගැනීම ජනතා විරෝධය හමුවේ හකුලා ගනියි..

– Global Tamil News –

වට්ටුවාකල් ඉඩම් පවරා ගැනීම ජනතා විරෝධය හමුවේ හකුලා ගනියි..

මුල්ලතීව් දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් ප්‍රදේශයෙහි නාවකි හමුදා කඳවුර පිහිටා තිබෙන ස්ථානයට අවට ඉඩම් අක්කර 617ක් පවරා ගැනීමට ගත් උත්සහය ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය හමුවේ හකුළා ගැනීමට  ඉඩම් මිනුම්දෝරු නිළධාරීන්ට සිදුව තිබේ.

අද දිනයේ ඉකුත් ඉඩම් පවරා ගැනීම සඳහා ඉඩම් මිනුම් කටයුතු සිදුකරන බවට ඉඩම් මිනුම් දෙපාර්තුමෙන්තුවෙන් දැනුම් දී තිබුණි. දැනට නාවික හමුදාව විසින් වැට දමා තිබෙන ප්‍රදේශය ස්ථීරව පවරා ගැනීමට මෙලෙස ඉඩම් මැනීමේ කටයුතු සැලසුම් කර තිබුණි. එම පුවත දැනගත් ප්‍රදේශයේ ජනතාව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සුදානම්වූහ.

මෙවැනි තත්වයකදී වට්ටුවාකල් ප්‍රදේශයදී ඉඩම් අයිතිකරුවන් 250 පමණ පිරිසක් නාවික හමුදා කඳවුර ඉදිරිපිට එක්රැස්වූ අතර, තම ඉඩම් අත්පත් කරගැනීමේ කටයුත්තට දැඩි විරෝධය පළ කර සිටියෝය.

තවද මුල්ලතීව් – පරන්දන් මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවයේ නිරතවීමෙන් පැය කිහිපයකට එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද අඩාලවුණි. මේ හේතුවෙන් ඉඩම් මැනීමේ කටයුතු නවතා දැමුණි.

මෙම විරෝධතාවයට ජනතාව සමඟ දෙමළ ජාතික සන්ධානයේ සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ දේශපාලනික නියෝජිතයන්ද එක්වූහ.

මෙම ඉඩම් මැනීමේ කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව පවසා සිටින ජනතාව නාවික හමුදාව අත්පත්කරගෙන සිටින ජනතා ඉඩම් නිදහස් කරනතෙක් අඛන්ඩව උද්ඝෝෂණය කළ යුතු යැයි ඉල්ලා සිටියෝය.

– ග්ලෝබල් දෙමළ පුවත් –