MUSLIMS

කුර්ආනය පිළිබඳ ප්‍රශ්ණවලට සිංහල භාෂාවෙන් පිළිතුරු ලබා දෙනවා – ජමියතුල් උලමා

බොදු බල සේනා සංවිධානය විසින් පැහැදිළි විග්‍රහයක් ඉල්ලා ඇති කුර්ආන් වැකිවලට වඩා තවත් වැකි ගණනාවක් සම්බන්‍ධයෙන් කරුණු පැහැදිළි කර පිළිතුරු ලබාදීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසා තිබේ.

සිංහල භාෂාවෙන්ම සියළු පැහැදිලි කිරීම් සකසා තිබෙන බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායක එම්.අයි.එම්. රිස්වි මුෆ්ති මහතා පවසා තිබේ. බොදු බල සේනාව විසින් ජමියතුල් උලමා සංවිධානයට එවන ලද ලිපිය සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් හෙතෙම මේ බව පවසා තිබේ.

ඉතිහාසයේ සෑම කාලයකදීම කුර්ආනය විමර්ශණය කරන පිරිසක් සිටි බවත්, කුර්ආනය ගැන පැහැදිළි කිරීමක් ඉල්ලා සිටියේ නම් එය ගැන කරුණු කාරණා පැහැදිළි කරදීම අනිවාර්‍ය වගකීමක් බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.