SPORTS

එම්.එස්. දෝනි පිටියෙන් සමුගනී

මහේන්ද්‍ර සිං දෝනි සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකතත්වයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිවේදනය කර තිබේ. එහෙත් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ජනවාරි මස 15 වෙනිදින ආරම්භ කෙරෙන තරඟ තුනකින් සමන්විත එක්දින සහ ‘විස්සයි විස්ස’ තරඟාවලියට ඔහු සහභාගී වීමේ ඉඩකඩක් පවතින බව ද පැවැසේ.

2004 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට පිවිසි එම්.එස්.දොනි මෙතෙක් ඉන්දියාවෙන් බිහිවූ සාර්ථකම නායකයා ලෙසද සැලකේ.

ඉන්දියාව 2007 සහ 2011 වසරවල ලෝක ක්‍රිකට් ශූරතාවය , 2011 විස්සයි විස්ස ලෝක ශූරතාව සහ 2013 චැම්පියන් ශූරතාව දිනාගත්තේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙනි.

පන්දුවාර 20යි 20 ලෝක කුසලානය, එක්දින ක්‍රිකට් ලෝක ශූරතාව හා ශූරයන්ගේ කුසලානය යන කුසලාන ත්‍රිතවයම ජයගත් පළමු ක්‍රිකට් නායකයා ලෙසද ඔහු වාර්තා අතරට එක්විය.

එක්දින තරග දිවියේ දී, තරග 283 කදී ලකුණු 9110 ක් ලබා සිටින දෝනි, පන්දුවාර 20-20 තරග 73 ක දී ලකුණු 1112 ක් රැස්කර ඇත. ඔහු එක්දින තරග 199 කදී ඉන්දියාවට නායකත්වය ලබා දෙමින් එහිදී ජයග්‍රහණ 110 ක් වාර්තා කර ඇති අතර, පන්දුවාර 20-20 තරග 72 කට නායකත්වය ලබා දී තරග 41 ක් ජය ගෙන තිබේ.