SRILANKAN NEWS

පාසල් දරුවන් සදහා දිවා ආහාර වේලක්

පාසල්වල දරු දැරියන්ගේ පෝෂණය වෙනුවෙන් දිවා ආහාර වේලක් සහ උදෑසන ආහාරයට අමතරව නැවුම් කිරි වීදුරුවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක‍්‍රිෂ්ණන් පවසනවා.

ඒ අනුව දිවා ආහාර වේල ලබා දීම සදහා රුපියල් මිලියන 5185 ක් වෙන්කර ඇති අතර ප්‍රථම අධියර වශයෙන් දුෂ්කර පාසල් යොදා ගෙන ඇති අතර අදාළ වැඩසටහන ලබන 09 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම මුදලින් පාසල් 7911ක දරු දැරියන් ලක්ෂ 12ක සදහා රුපියල් මිලියන 4875ක්ද, කිරි වීදුරුවක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 310ක් වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දකවමින් අවධාරණය කර සිටියි.