ARTICLES

තිම්බු ප්‍රතිපත්තිය ගෙන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසිය යුතු යැයි පැවැසූ එදා සිටි ජයම්පති වික්‍රමරත්න කොහෙද?

ග්ලෝබල් පුවත් සේවය සඳහා එස්.එම්. වරදරාජන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව :- ජයම්පති වික්‍රමරත්න එදා පවසා සිටි කාරණාව කෙරෙහි අද අවධානය යොමු කරනවාද?

ජයම්පති වික්‍රමරත්න අද කාලයේ වැදගත් පුද්ගලයෙක්ය, ජනාධිපති නීතිඥවරයෙකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතුවල උපදේශකවරයෙකය, වර්තමාණයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ කටයුතුවල ඔහුගේ කාර්‍ය භාරයද ඇතුලත්ය. එයටත් වඩා වැදගත් කාරණාව ඔහු එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකි. ඔහු පාර්ලිමෙන්තුවට කැඳවාගෙන එන ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම, ජාතික ප්‍රශ්ණයට විසඳුම යන විෂය යටතේය.

මේ ඔහු මෑතකදී කළ කථාවයි .. :-

‘ ශ්‍රි ලංකාවට රාජ්‍ය ආගමක් නොමැත. රජයට ආගමක් අවශ්‍ය නැත. රාජ්‍ය ආගම යනු මුළුමනින්ම වෙනස් දෙයකි. පාකිස්ථානයේ ඉස්ලාම් රාජ්‍ය ආගම ලෙස ක්‍රියාත්මක වේ, අපගේ ප්‍රධාන අරමුණ රජයට ආගමක් යැයි කිසිවක් නොතිබිය යුතුයි. වර්තමානයේ වැදගත් වන්නේ රට ප්‍රජාතන්ත්‍රකරණය කිරිමේ අභියෝගය ජය ගැනිමය“ යැයි ඔහු පවසා තිබුණි.

ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා පසුගිය 2001 වසරේ මැලේසියාවේ අගනුවර පැවැති විශේෂ හමුවකට සහභාගිවෙමින් ද අදහස් ප්‍රකාශ කර තිබුණි. මැලේසියාවේ දේශපාලන හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විද්වතෙකු වන කමරුල් නිසාම් අබ්දුල්ලාහ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡා හමුවට ඉමානුවේල් පියතුමන්, විස්වනාදන් රුද්‍රකුමාරන්, ආචාර්‍ය මනිවාසකම් (චෙන්නයි විශ්වවිද්‍යාලය) ඇතුළු විදේශ ප්‍රධානීන් බොහෝ පිරිසක් සහභාගිවූහ.

එය 2001 වසරේ පැවැති සාම සාකච්ඡාව ඉදිරියට ගෙන යෑම පිළිබඳ සාකච්ඡාවකි. නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා එහි ප්‍රකාශ කර සිටි දැය එලසින්ම පහත සඳහන් කරන්නෙමි..,

“…From the above it is seen that Tamil aspirations contained in the Thimpu principles could be accommodate in a Constitution of a united Sri Lanka .Certain modifications may have to be made in view of the various concerns of the other communities, especially in the light of their experiences of the past. Flexibility on both sides is needed. What is required is not a restatement of the principles in a Constitution but the accommodation of Tamil aspirations reflected in them.

This is difficult, but not impossible. After all, politics is the art of the possible.”

තිම්බු සාකච්ඡාවේදී දෙමළ දෙමළ නියෝජිත කණ්ඩායම විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති හා අභිලාෂයන්ද ඇතුලත් කර අනෙකුත් ජන සමාජවල අත්දැකීම් හා අදහස් කෙරෙහි ද අවධානය යොමු කර එක්සත් ශ්‍රී ලංකාවක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ හැක, යන්න ඔහු එහිදී කළ කථාවෙහි සාරංශයවේ.

හිර, 1985 වසරේ භූතාන අගනුවර තිම්බුවල ශ්‍රී ලංකා රජය සමඟ පැවැති සාකච්ඡාවේදී ඉදිරිපත් කළ දෙමළ නියෝජිත කණ්ඩායමේ අභිලාෂයන් කුමක්දැයි මදක් සොයා බලමු..

එවකට ක්‍රියාත්මක වූ දෙමළ ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්), ඊලාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය (ඊරෝස්), දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ), දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (ටී.යු.එල්.එෆ්) වැනි කණ්ඩායම් දෙමළ ජනතාව නියෝජනය කරමින් යෝජනා පහක් ඉදිරිපත් කර තිබුණි.

(1) ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව, රාජ්‍යමය ජාතියක් වශයෙන් පිළිගත යුතුය.
(2)  දෙමළ ජනතාවගේ නිජබිම ප්‍රතිපත්තිය පිළිගත යුතුය.
(3) දෙමළ ජාතියේ ස්වයං-නිර්ණ අයිතිය පිළිගත යුතුය.
(4) ශ්‍රී ලංකාව තම රට යැයි පිළිගන්නා අයුරින් සියළු දෙනාගේ ප්‍රජා අයිතිය, පුරවැසි අයිතිය පිළිගැනීම.
(5) දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් පිළිගත යුතුයි.

සාකච්ඡාවට සහභාගි වූ දෙමළ නියෝජිත කණ්ඩායම ඒකමතික ඉදිරිපත් කළ මෙම යෝජනාව ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතික පක්‍ෂය ප්‍රතික්‍ෂේප කළේය.

මෙය පිළිගත හැකි තත්වයක්, අවබෝධයක් එවකට ධූරයේ සිටි රජයට නොතිබුණි. නැතිනම් මෙම ප්‍රතිපත්තියට අනුව තමන්ට තිබූ හයෙන් පහක බහුතර බලය භාවිතා කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සකසා එයට ඇතුලත් කරන්නට හැකියාවක් තිබූ බව සාම කටයුතුවල නිරතවූ විමර්ශකයන්ගේ අදහස විය.

මෙහිදී තවත් කරුණක් පැවැසිය යුතුයි…

තිම්බු සාකච්ඡාවට සහභාගි වූ දෙමළ නියෝජිත කණ්ඩායමට මෙම යෝජනා පහ සම්බන්‍ධයෙන් ගැඹුරු, පැහැදිළි විවාදාත්මක අදහස් හුවමාරුවක්ද නොතිබීම විශේෂත්වයකි.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සහෝදරයකු සහ ප්‍රසිද්ධ නීතීඥවරයෙකු වූ එච්. ඩබල්යූ ජයවර්ධන මෙම යෝජනාවන් වෙනත් දිසාවකට යොමු කිරීමේ අයුරින් සංවර්ධනය ගැන කථාවක් පවත්වා අවසන්වූ පසු දෙමළ නියෝජිත කණ්ඩායම පාර්ශවයෙන් අදහස් ප්‍රකාශ කිරීමට මද වේලාවක් ගතවුනාලු.

අමිර්දලිංගම් මහතා එහිදී සිවසිදම්බරම් මහතාව බලා “කථා කරනවාද ?“ යැයි විමසූ විට “ඔයාම කථා කරන්න“ යැයි පැවැසීමත් සමඟ අමිර්දලිංගම් මහතා නැගිට මෙම යෝජනාවන් ගැන කරුණු පැහැදිළි කර තිබේ.

ඇත්තෙන්ම කියනවානම් අදටත් එවැනි කථාවක් එනම් එදා එහි කළ කථාව ඉදිරිපත් කිරීමට හැකි එකම පුද්ගලයා සම්බන්‍ධන් මහතා පමණක් බව දේශපාලන වශයෙන් සාධාරණීයව සිතා බලන ඔනෑම කෙනෙකු පිළිගනිති. එහි කිසිඳු සැකයක් නැත. උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ගැන ගුවන් ගමනකදීම රාජිව් ගාන්ධි මහතාට අතේ ලියා පැහැදිළි කළේ ඔහුය. තාවකාලික ඒකාබද්ධ කිරීමකට හෝ රාජිව් ගාන්ධිව එකඟවීමට පත් කළේ ඔහුය.

නමුත් අද දිනපතා නිකුත් වන පුවත් කියවා බලන විට ඔහු අද එලෙස කථා කරයිද? යන ප්‍රශ්ණයක් මතුවේ. නැතිනම් යළි එදා වාගේ උතුර නැගෙනහිර තාවකාලිකව ඒකාබද්ධ කිරීමට උත්සහ කරනවාදැයි නොදැනිමි. තිම්බු සාකච්ඡාවල ඇතිවූ පරාජය එල්.ටී.ටී.ඊ. නැමැති සංවිධානය ප්‍රබල වශයෙන් නැගී ප්‍රසිද්ධවීමට හේතුවක් වුණි. මෙහිදී අවධානය යොමු කළ යුතු දෙයවන්නේ,

එක්සත් ශ්‍රී ලංකාව යන රාජ්‍ය ප්‍රතිපත්තියට යටතේ දෙමළ පාර්ශවය එදා තිම්බුවල සිය ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි. ප්‍රයෝගිකව ගැලපෙන දැය ප්‍රතික්‍ෂේප කර එක්සත් ජාතික පක්‍ෂ රජය ප්‍රචන්ඩත්වය මර්ධනය කිරීමේ කටයුතුවල සිය අවධානය යොමු කළේය. එහි ප්‍රති විපාකය රටම මුහුණ දුන්හ. එමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වගකිව යුතු ඉමහත් කාර්‍ය භාරයක් එක්සත් ජාතික පක්‍ෂයට තිබේ.

2001 වසරේ ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පැවැසූ පිළිගත් තිම්බු සාකච්ඡාවේ දෙමළ නියෝජිත කණ්ඩායම විසින් ඉදිරිපත් කළ අභිලාෂයන් යන කාරණාව – අද ඔහු මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහභාගිත්වය ලබාදෙන අවස්ථාවකදී අවධානය යොමු කරන්නේද? මන්ද, තිම්බු සාකච්ඡාවලදී අමිර්දලිංගම් මහතා කථා කළ කරුණු අදටත් කථා කළ හැකි පුද්ගලයකු වන සම්බන්‍ධන් මහතාද ඔහු සමඟ සිටින බැවිනි.

මෙම සටහන සංහිඳියාව ගැන කථා කරන සියළු දෙනාගේ අවධානයට…

References :-
ලයනල් ගුරුගේ : ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණය හා විසඳුම් ( විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය)

Peace Initiatives Towards Reconciliation and Nation Building in Sri Lanka: An International Perspective

– ග්ලෝබල් දෙමළ පුවත් –
පරිවර්ථනය  රීසාහ් –