SRILANKAN NEWS

ආණ්ඩුව හම්බන්තොට විරෝධයට පහර දුන්නා – පැවිදි හඩ සංවිධානය

හම්බන්තොට වරාය සහ අවට ඉඩම් අක්කර 15000 ක් චීන සමාගමකට පැවරීමට එරෙහිව ජනතාව විසින් සිදු කරන ලද විරෝධතාවයට, වත්මන් ආණ්ඩුව මැරයන් යොදා පහරදීමට කටයුතු කළ බව පැවිදි හඩ සංවිධානය පවසා සිටියි.

පැවිදි හඩ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (08) නාරාහේන්පිට අභයාරාමයේදී පැවත් මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් උන්වහන්සේ පවසා සිටියේ වත්මන් ආණ්ඩුව ට ගෙනයන්නේ කොයිබටද යන්න සම්බන්ධයෙනි කිසිවෙකුට හෝ සිතා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

රටේ යම් සිදුවීමක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එක් අදහසකුත් අග්‍රාමාතා්‍යවරයා විසින් තවත් අදහසකුත් ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් ඊට හාත්පසින්ම වෙනස් අදහසකුත් ඉදිරිපත් කිරීම සාමානඨ තත්ත්වයක් බවට පත්ව ඇති බවද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා පැවිදි හඩ සංවිධානයේ සාමාජික පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන්ද සහභාගි විය.