SRILANKAN NEWS

යහපාලනය කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය අඩු වෙනවා – යෝගේෂ්වරන්

යහපාලනය සහ ජනාධිපතිවරයා කෙරෙහි දෙමළ ජනතාව තැබූ විශ්වාසය බිඳ වැටෙමින් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සී. යෝගේෂ්වරන් මහතා පවසයි.

ආණ්ඩු වෙනසක් සිදුවී වසර දෙකක් ගතවූ නමුත් නව ආණ්ඩුව යටතේ දෙමළ ජනතාවට විශේෂ දෙයක් ලැබුණු බවට පැවැසීමට කිසිවක් නැති බව හෙතෙම පවසා තිබේ. ආණ්ඩු වෙනසක් සිඳුවී වසර දෙකක් සම්පූර්ණවීම සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා තිබේ.

ඇතම් ප්‍රදේශවල දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කර ඇති නමුත්, වත්මන් රජය යටතේ ඉඩම් පවරා ගැනීම සහ සිංහල ජනතාව පදිංචි කිරීම වැනි කටයුතුද සිදුකරන බව හෙතෙම පවසා තිබේ.

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස, ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කිරීම වැනි කටයුතු කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් රජය කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය අඩුවෙමින් පවතින බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.