SRILANKAN NEWS

නාවට්කුලියේ සිංහල ජනතාවට නිවාස ඉදිකර දුන්නොත්, දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය වටලනවා – සිවාජිලිංගම්

නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ පදිංචිව සිටින සිංහල ජනතාවට නිවාස ඉදිකර දුන්නේ නම් නිදහස් දිනය දා ජාතික කොඩිය එසවීමට ඉඩ නොදී යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය වටලා විරෝධතාවක් පවත්වන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි.

මෑතකදී යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී පැවැති සංවර්ධන කමිටු රැස්වීමේ දි නාවට්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටින සිංහල ජනතාවට නිවාස ඉදිකර දීමට කටයුතු කරන බවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරින් පවසා තිබුණි.

නිවාස ඉදිකර දෙන්නේ කුමන පදනමක් යටතේ ද? – පරම්සෝදි

එහිදී ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී පරම්සෝදි, නාවට්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටින සිංහල ජනතාවට ඉඩම් ලබාදී තිබෙන්නේ කුමන පදනකම් යටතේ ද? උතුරේ විශාල පිරිසකට ඉඩම් නොමැතිව සිටින අවස්ථාව පිට පළාත්වලින් පැමිණි ජනතාවට ඉඩම් ලබාදි තිබෙන්නේ කෙසේ ද? නිවාස ව්‍යාපෘතිය සඳහා නිවාස ලාභීන්ව තෝරාගෙන තිබෙන්නේ කුමන පදනමක් යටතේ දැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරින් වෙත ප්‍රශ්ණ කර තිබේ. කෙසේ නමුත් අදාළ නිළධාරින් එයට නිසිලෙස පිළිතුරු ලබාදී නොමැත.

දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය වටලනවා!!!

ඉන් අනතුරුව අදහස් ප්‍රකාශ කළ එම්.කේ. සිවාජිලිංගම්, නාවට්කුලි ප්‍රදේශයේ සිංහල ජනතාවට නිවාස ඉදිකර දීමේ වැඩපිළිවල වහාම අත්හිටුවිය යුතුයි. මේ සම්බන්‍ධයෙන් දිස්ත්‍රික්ක ලේකම්වරයා වහාම ජනාධිපතිට දැනුම් දී එම වැඩකටයුතු නවතා දැමීමට පියවර ගත යුතුයි. නැතිනම් නිදහස් දිනය දා දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය වටලා එදින ජාතික කොඩිය එසවීමට ඉඩ නොදී විරෝධතා කරන්නෙමු.

මෙලෙස අපි 2002 වසරේ දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය වටලා විරෝධතාවයක් පැවැත්වා තිබෙන්නෙමු. එවැනි තත්වයකට අපිව පත්කරන්න එපා යැයි සිවාජිලිංගම් වැඩිදුරටත් පවසා තිබේ.

මුල්ගල් තැබීම ලබන 30 වනදා

මෙවැනි තත්වයකදි නාවට්කුලිය ප්‍රදේශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ දි සිංහල පවුල් 250කට ප්‍රතිපාදන යටතේ නිවාස ඉදිකර දීම සඳහා නිවාස ඉදිකිරීම් අමාත්‍යංශය විසින් මෙම මස 30 වනදා මුල් ගල් තැබීමට නියමිත බව වාර්තාවේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –