INDIAN NEWS

ශ්‍රී ලංකාවට රැගෙන යෑම සඳහා මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගත් දෙදෙනෙකුට වසර 10ක සිරදඞුවමක්..

ශ්‍රී ලංකාවට රැගෙන යෑම සඳහා හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි දෙදෙනෙකුට ඉන්දිය විශේෂ අධිකරණය විසින් වසර 10ක සිරඳඞුවමක් නියම කර තිබේ.

පසුගිය 2014 වසරේ පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව පූන්දමල්ලි ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී එහි තිබී කි.ග්‍රෑ 17ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබුණි. අනතුරුව එහි සිටි සිව්දෙනෙකුව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කෙරුණි.

එහිදී දෙදෙනෙකු නිර්දෝජීබව ඕප්පුවීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කළ අධිකරණය අනෙකුත් දෙදෙනාට එරෙහිව වසර 10ක සිරඳඩුවමක් සහ රුපියල් ලක්‍ෂයක දඩයක්ද නියම කර තිබේ.