MUSLIMS

එදා කොන්දේසි රහිතව දෙනු ලැබූ තීරණාත්මක මුස්ලිම් සහයෝගය ශ්‍රී ලංකාවට නිදහස ලැබීම තහවුරු කළේය

– ලතීෆ් ෆාරුක් විසින්

අඩ ශතවසක් පුරා මෙහි පැවති යුරෝපා යටත් විජිත පාලනයෙන් පසුව සිරිලකට නිදහස ලැබීමට 1948 වසරෙහි මෙහි වාසය කළ මුස්ලිම්වරුන් විසින් කිසිදු කොන්දේසියක් නොමැතිව එදා තීරණාත්මක දායකත්වයක් ලබා දුන්හ.

ආචාර්ය ටී. බී. ජායා, සර් රාසික් ෆරීඩ්, වෛද්‍ය එම්. සී. එම්. කලීල්, බදියුදීන් මහ්මූද් වැනි ලාංකික මුස්ලිම් නායකයන් විසින් එදා නිදහස ලබා ගැනීමට සහ දේශයට ස්වාධීනත්වය මෙන්ම ස්වාධිපත්‍යයද ලබා ගැනීමට උර දුන් සැටි රටේ ඉතිහාසය අමතක නොකළ සියල්ලන්ටම මතක ඇති බවට සැකයක් නැත. මෙලෙසින් එදත් අදත් රටේ ස්වෛරී දේශපාලන ප්‍රගතියට ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් කිසිවිටෙක බාධකයක්ව නොසිටියෝය.

අප රටේ එදා දේශප්‍රේමීන්ට නිදහසේ පිපාසය දැඩි වනවාත් සමගම දෙවන ලෝක සංග්‍රාමයේ ගිනි පුපුරු යුරෝපයේ ඇවිලෙන්නට විය. මෙම සටනට පූර්ණ සහය  පළ කරන මෙන්ද, එසේ කළහොත් යුද්ධයේ ජයාග්‍රාහී නිමාවෙන් පසු නිදහස ප්‍රදානය කරන බවටද මහ බ්‍රිතාන්‍යය සිය රටත් විජිතවලට ප්‍රතිඥා දෙන්නට විය.

යුද්ධයද මහ බ්‍රිතාන්‍යය ඇතුළු මිත්‍ර ජාතීන්ට ජය අත් කරදෙමින් අවසන් විය.  එයින් පසුව එකී යටත් විජිතවල ස්වෛරී බව සඳහා වන ඉල්ලීම් උණුසුම්වන්නට වූ අතර නිදහස ඉල්ලා සිටින යටත් විජිතවල වාසය කරන වැසියන්ගෙන් හතරෙන් තුනක මනාපයක් මේ සඳහා තිබිය යුතු යැයි රැජිනගේ ආණ්ඩුව විසින් කොන්දේසියක් දමන ලදී. එවකටද ශ්‍රී ලංකාවේ බහුතර සිංහල වැසියන්ගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් තුනෙන් දෙකක්ව පමණක් තිබුනු හෙයින් මෙහි සිටි දමිළ හා මුස්ලිම්වරුන් නිදහසට කැමැත්ත ප්‍රකාශ කර සිටීම ලක්මාතාව නිවහල් කර ගැනීමට අනිවාර්ය සාධකයක් විය.

sir razeekමේ අතර දමිළ කොංග්‍රසයේ එවකට නායකයා වූ ජී. ජී. පොන්නම්බලම්, එසේ මනාපය දීමට නම් හරි අඩක් හිමිකම් ද්‍රවිඩ ජනයාට සියළුම ඉසව්වලින් ලබා දීමට සිංහලයන් කැමති විය යුතු යැයි කොන්දේසියක් දැම්මේය. නමුත් ඒ වනවිට බහුතරයේ ඇතැම් වෙනස්කම්වලට ලක්ව සිටියද දේශයේ පොදු අවශ්‍යතාවයකදී ‘ගෙදර නෝක්කඩු’ නිසා එයින් රටට අලාභයක් වීමට ඉඩ දිය නොහැකිය යන ස්ථාවරයේ සිටි මුස්ලිම් ජනයා, කිසිදු කොන්දේසියක් නොමැතිවම සහෝදර සිංහලයන් සමග එකා මෙන් නැගී සිටිමින් සුද්දන්ගෙන් නිදහස එක හ`ඩින් බල කර සිටියහ.

එය 1939 වර්ෂයේ මාර්තු 5 වෙනි දිනය විය. ස්ථානය කොළඹ සාහිරා විදුහලේ ක්‍රීඩා පිටියයි. එදින සර් මොහමඩ් මාකාන් මාකාර්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්නවීමකදී ව්‍යවස්ථාදාවයක මණ්ඩලයේ ප්‍රමාණවත් ලෙසින් මුස්ලිම් නියෝජනයක් නොමැති තත්ත්වය පිළිබඳද සිය අදහස් දක්වමින් කථා කළ සමස්ත ලංකා මුස්ලිම් දේශපාලන සමුළුවේ ලේකම් ආචාර්ය බදියුද්දීන් මහ්මූද්, අවසන් වශයෙන් මෙසේ සඳහන් කළේය:

‘සියල්ලටම ප්‍රථමයෙන් සිරිලකට පූර්ණ නිදහස ලැබිය යුතු යැයි බල කරන සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගෙන් මාද කෙනෙකු බව මාගේ සිංහල සොහොයුරන්ට අවධාරනයෙන් කියනු කැමැත්තෙමි.  සිංහල වැසියන් තම සංස්කෘතිය හා ජාතිකත්වය සංරක‍ෂණය කර ගැනීමේ උසස් අරමුණින් ගෙනයන නිදහස් සටන ඉහළින් අගය කරමින් එයට මුළු හදින් සහය දෙන්නන් අතර මාද කෙනෙකු වෙමි යැයිද සඳහන් කරමි. එපමණක් නොව, ඔබට විශ්වාසනීයම මිතුරන් හා දයාන්විත අසල්වැසියන් ලෙසින් මුස්ලිම් ජනයා මෙහි කවදත් ඔබ සමග සිටිනු ඇත යැයිද මාගේ සිංහල සහෝදරයන්ට ඉ`දුරා පවසමි. තවද, ජගත් වේදිකාවේ ස්වාභිමානය ඇති රටක් ලෙසින් තමන්ටමවූ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගැනීම සඳහා මෙම කුඩා දේශයේ දූ පුතුන්ගේ දායකත්වය ලක් මවට අවශ්‍යව සිටින මොහොතක, මාගේ ජනකොටස වෙතින් ඒ සඳහා වන දේශප්‍රේමී උර දීමක් සඳහා කන්නලව් කළ යුුතු තත්ත්වයක් කිසි විටෙක ඔබට ඇති නොවනු ඇත යැයිද මා උදක් කියා සිටින්නෙමි.

‘එමෙන්ම අපගේ මෙම උදාර රටේ එක් ජනකොටසක් පමණක් නොව, මෙම භූමියෙහි වාසය කරන සෑම කෙනෙකුම දේශයේ උදාරත්වය විෂයයෙහි අභිමානයට පත් විය හැකි, ලොවෙහි ඉතාම සශ්‍රීක එමෙන්ම විශිෂ්ඨ හා මනරම් දේශයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ වෑයමෙහි, කිසිදු කැපවීමක් විශාල යැයි හෝ කළ නොහැකි එකක් යැයි මා අයත්වන නිර්භීත ජනකොටස කිසි විටෙක සිතනු නොමැත යැයිද මාගේ ලාංකික සිංහල මිතුරන්ට ස්ථීර වශයෙන්ම කියනු කැමැත්තෙමි’

මෙලෙසින්, දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැති`දුන්ගේ අනුග්‍රහයෙන් සම්පාදනය කරන ලද ‘ස්වධිපත්‍ය පනතට’ රාජ්‍ය සමුළුව නියෝජනය කළ මුස්ලිම් නායකයන් සිය ජනයා වෙනුවෙන් තම සහයෝගය මුළු හදින්ම ලබා දුන්හ.

එයිනික්බිති 1945 වසරේ නොවැම්බර් 9 වෙනි දින ආචාර්්‍ය ටී. බී. ජායා සහ වෛද්‍ය කලීල් යන මුස්ලිම් නායකයන් පනතේ කෙටුම්පතට පක‍ෂව කථනයන් පැවැත්වූ අතර, පසුව එළඹි එම පනත සඳහා ඡන්දය විමසීමේ සමයෙහි ටී. බී. ජායා මහතා පැමිණ නොසිටි හෙයින්, සර් රාසික් ෆරීඩ් හා වෛද්‍ය කලීල් දෙදෙන පනතට පක‍ෂව ඡන්දය දෙමින් ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනයාගේ කැමැත්ත ඒ සඳහා හෘද්‍යාංගමව ප්‍රකාශ කර සිටියෝය.

TBJayahඑම ඓතිහාසික අවස්ථාවෙහි සිය අදහස් පළ කරමින් කථා කළ සර් රාසික් ෆරීඩ්, ‘අද දින ගරු නායකතුමන් විසින් සාකච්ඡාවෙන් පසුව ගත් තීරණයට ‘සමස්ත ලංකා යෝනක සමිතිය’ සිය පූර්ණ සහයෝගය මෙමගින් ප්‍රකාශ කර සිටියි. නායකතුමන්ගේ යෝජනවාට මා මුළු හදින් මෙසේ කැමැත්ත පළ කරනුයේ ඉමහත් සතුටිනි. මා සහ මාගේ සමූහයා සැමදා ඔබ සැම හා අත්වැල් බැඳ සිටියාක් මෙන් මෙම ජයග්‍රාහී මොහොතේද නායකතුමන් විසින් යෝජනා කර ඇති ඉලක්ක කරා යන දිග්විජයටද එතුමන්ගේ දෑත් ශක්තිමත් කරන්නට අප මෙලෙසින් ඉදිරිපත්ව ඇත්තෙමු’

පනතට සිය කැමැත්ත පළ කළ ආචාර්්‍ය ටී. බී. ජායා, මුස්ලිම් සමූහයාට අවාසි ගෙන දෙන පනතේ ඇතැම් කරුණු ගැන අදහස් දක්වමින්,  ‘සුළු ජාතීන්ට ඇති විය හැකි අවාසි ගැන කථා කරන්නට මෙය මොහොතක් නොවන බව මාගේ හැ`ගීමයි. තවද මාගේ සමූහයාගේ පූර්ණ සහයෝගය නියෝජනය කරමින් මා මෙසේ ප්‍රකාශ කරමි. ශ්‍රී ලංකාවේ වාසය කරන මුස්ලිම්වරුන් නියෝජනය කරන ලංකා මුස්ලිම් ලීගය විසින් දිවයිනේ විවිධ පළාත්වල සිටින මුස්ලිම් ජනයා හමුව මෙම පනතට අදාලව සභාව ඉදිරියේ ඇති වැදගත් කරුණු ගැන නිසියාකාරව සාකච්ඡා කෙරෙනු මා තහවුරු කර ගතිමි. ඒ අනුව ලක්දිවෙහි වාසය කරන මුස්ලිම් සමූහයාගේ සම්පූර්ණ සහයෝගය මෙය සඳහා තිඛෙන බව මා ප්‍රකාශ කර සිටිමි.

‘මෙම පනත ඉදිරිපත් කරන ලද සමයෙහි එයට පූර්ණ සහයෝගය දිය යුතු යැයි මුස්ලිම් සමූහයා තීරණය කළේ එකම එක කරුණක් නිසාය. එය නම් මෙම දේශයේ දේශපාලන ස්වාධීනත්වය හා සම්බන‍ධ වන කරුණක් සඳහා ඕනෑම දුරක් යාමට මාගේ සමූහයාට ඇති කැපවීමය. ඒ සඳහා ජනකොටසක් ලෙසින් තමන්ට ඇති විය හැකි ඇතැම් අවාසි ගැනද නොසලකා සිටීමට මෙම රටේ වාසය කරන ලාංකික මුස්ලිවරුන් සූදානම්ව සිටිති. දේශපාලන නිදහසට වඩා කිසිදු අයිතිවාසිකමක් ශ්‍රේෂ්ඨ විය හැකි යැයි මා නම් නොසිතමි. පටු කෝණයකින් මෙම පනත දෙස බලන විට අපට සිදු විය හැකි අවාසි ගැන මාහටද පෙනෙන නමුත් දේශයේ පොදු අවශ්‍යතාවය උදෙසා මෙම පනතට පූර්ණ සහයෝගය ලබා දීමට මා සූදානම් වූයෙමි’ යැයි කියා සිටියේය.

ශ්‍රී ලාංකේය සිංහල ජනයා වෙනුවෙන් මුස්ලිම් සමූහයාට සිය කෘතඥතාවය පළ කරමින් කථා කළ දිවංගත බණ්ඩාරනායක මැති`දුන් මුස්ලිම් ජනයා විසින් මතු ඉදිරිපත් කර සාධාරණ ඉල්ලීම් සියල්ලක් ගැනම තමා සලකා බලන බවට ප්‍රතිඥා දෙමින් මෙසේද පැවසුවේය: ‘මෙම ගිවිසුම යහපත් ආකාරයෙන් ස්ථාපිත වීම සඳහා දායකත්වය ලබා දුන් මෙම රටේ සියළුම දෙනා අතුරින් ගරු ටී. බී. ජායා මහතාගේ ත්‍යාගශීලී ආකල්පයෙන් යුත් දායකත්වයට වැඩිම පැසසුමක් හිමි විය යුතු යැයි මා උදක් සඳහන් කරනු කැමැත්තෙමි. ඔහු විසින් අද දින පවත්වන ලද කථනය මෙම රටේ ජීවත් වන විවිධ ජන කොටස් අතර එක්සත් බවට තුඩු දෙනු ඇති අතර අපගේ මෙම වෑයම සඳහා වන සංවේදී බවක්ද ඔවුන් අතර ඇති කරනු නිසැකය. එහි අවසන් ස්වරූපය කිනම් ආකාරයකින් හැඩ ගැසුනද, සියල්ලන්ටම සෑහීමට පත් විය හැකි ආකාරයේ ස්වෛරීබවක් අප රටට ලබා දීමට අප අවංකව ක්‍රියා කරන්නෙමු.

kaleelmcm‘ටී. බී. ජායා, දොස්තර කලීල් හා රාසික් ෆරීඩ් යන තිදෙනා මෙරටට කුමක් කර ඇත්තෝද? නියෝජන සැලැස්ම අනුව ඇතැම් කරුණුවලදී යම් යම් දුෂ්කරතා මුස්ලිම් සමූහයාට ඇති විය හැකිය යන ප්‍රතිපත්තිමය සඳහනක් මෙම පනතේ ඇති නමුත් දේශයට ලැඛෙන ස්වාධීනත්වයේ සංකල්පයට මුල් තැන දෙමින් මෙම තිදෙන අධිෂ්ඨාණපූර්වව මෙයට පක‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වී ඇත්තාහ.

‘එසේ වුවද, මෙම රටේ සිටින බහුතර ජන කොටස හෙවත් මා නියෝජනය කරන ජනකොටස වෙනුවෙන් එක් සහතිකයක් ජායා මහතාහට දීමට මට හැකිය. සෝල්බරි කොමිසම විසින් මෙම පනතේ නිර්දේශ කර ඇති දේ කුමක් වුවද, මුස්ලිම් සමූහයා විසින් ඉදිරිපත්කරනු ලබන ඕනෑම සාධාරණ ඉල්ලීමක් සලකා බැලීමට අප නිරන්තරයෙන්ම සූදානම්ව සිටින බව එතුමාට මා කියනු කැමැත්තෙමි’

මෙනයින් නිවහල් බවින් ලක්මව මුදා ගැනීම සඳහා අවශ්‍ය වූ වැඩි ඡන්දයේ දායකත්වය එදා මුස්ලිම් ජනතාව විසින් නොවලහා ලබා දෙන ලදී.

එයිනික්බිති 1948 පෙබරවාරි 4 වෙනි දින, ලක් මෑණියන්ට වසර පනහක පමණ කාලයක් දමා තිබූ වහල්බවේ සියළු යදම් බිඳ දමන ලද අතර, එය සෙසු ලෝකයාට සාඩම්බරයෙන් ප්‍රකාශ කිරීම සනිටුහන් කරමින් ජාතියේ පියා ගරු ඩී. එස්. සේනානායක මැති`දුන් රැජිනගේ කොඩිය පහත් කර ශ්‍රී ලංකාවේ සිංහ ධජය ස්ථම්භයේ මුදුනට එසවූයේය.

  • – ලතීෆ් ෆාරුක් විසින්