SRILANKAN NEWS

හමුදාවේ ඉහළ නිළධාරින් කේප්පාපිලවු ප්‍රදේශයට එයි ද? ඉඩම් නිදහස් කරයි ද?

හමුදාව යටතේ තිබෙන තම ඉඩම් නිදහස් කරන්නැයි අවධාරණය කර කේප්පාපිලවු ප්‍රදේශවාසීන් පසුගිය සතියක කාලයක් අඛණ්ඩව සත්‍යග්‍රහයක නිරතව සිටිති. මෙවැනි තත්වයකදී කේප්පාපිලවු ප්‍රදේශයේ හමුදාව භාරයේ තිබෙන ඉඩම් ගැන සොයා බැලීමට කොළඹ සිට අද (සඳුදා) දින හමුදාවේ ඉහළ නිළධාරින් පිරිසක් ඉකුත් ප්‍රදේශයට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

හමුදාව යටතේ තිබෙන ඉඩම්වල, නිදහස් කළ හැකි ඉඩම් ගැන ගුවන් හමුදා නිළධාරින් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බව පැවැසේ.

වසර හයක පමණ කාලයක් නැවැත පදිංචිය සඳහා බලාපොරොත්තුවෙන් සිටින මෙම ජනතාවගේ ඉඩම්වල යුද හමුදා සහ ගුවන් හමුදා කඳවුරු ඉදිකර තිබේ. එමෙන් එම ජනතාවට තම ඉඩම්වලට ඇතුල්වීමට අවසරයක් නැත. මෙවැනි තත්වයකදී ඉඩම් නිදහස් කිරීම ගැන තමන්ට ලබාදුන් පොරොන්දු සියල්ල අසත්‍යවී යෑමෙන් පසුගිය මස 31 වනදා සිට එම ජනතාව අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළෝය.

මෙලෙස විරෝධතාවයේ නිරතවන ජනතාව හමුවීමට අමාත්‍ය රිෂාද් බදියුදීන්, උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වනර් ඇතුළු නිළධාරින් පැමිණි අතර, තම ඉඩම් නිදහස් කරන තෙක් මෙම විරෝධතාවය දිගටම පවත්වාගෙන යන බවට එම ජනතාව තරයෙන් පවසා තිබීම විශේෂත්වයකි.