SRILANKAN NEWS

ඉඩම් නිදහස් කළ යුතුයි නැතිනම් සිය දිවි නසාගන්නවා – කේප්පාපිලවු ජනතාව

හමුදාව යටතේ තිබෙන තම ඉඩම් හෙට බදාදා දින පෙරවරු 8 පෙර නිදහස් නොකළේ නම් සිය දිවි නසාගන්නා බව මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු ප්‍රදේශවාසීන් පවසති.

තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා එම ජනතාව විසින් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට දින අටක් අවසන්වී තිබේ. කෙසේ නමුත් මෙතෙක් රජයෙන් කිසිඳු සාධනීය ප්‍රතිචාරයක් නොලැබීමෙන් අද සවස 6න් පසු තම සත්‍යග්‍රහයේ ස්වරූපය වෙනස්වනු ඇති බව එම ජනතාව පවසා තිබේ.

මෙතෙක් විවිද විරෝධතා සහ සත්‍යග්‍රහ පවත්වාගෙන ගිය තමන් සිය දිවි නසාගත්තේ නම් තමයි ඉඩම් නිදහස් කරන බවට රජය අදහස් කරන්නේ නම් එයද සිදු කිරීමට සූදානමින් සිටින බවට රජයට හා ජාත්‍යන්තරයට අවධාරණය කර සිටින බවට එම ජනතාව පවසා තිබේ.

දරුවන්ව පාසලට යැවිමට නොහැකිව පාරේ මෙලෙස සත්‍යග්‍රහයක නිරතවන තමන් කෙරෙහි කිසිඳු නිළධාරියකුගේ අනුකම්පාවක්ද ලැබී නොමැති බව පවසා තිබේ.