SRILANKAN NEWS

ජනතාවගේ ඉඩම් යළි ජනතාවට ලබාදිය යුතුයි – ටෙනිස්වරන්

පසුගිය දින අටක කාලයක් තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා සත්‍යහයක නිරතව සිටින කේප්පාපිලවු ජනතාව හමුවීමට උතුරු පළාත් ප්‍රවාහන ඇමැති පා. ටෙනිස්වරන් මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූහ.

එහිදී අදහස් ප්‍රකාශ කරමින් ටෙනිස්වරන් මහතා පවසා සිටියේ, යහපාලන ආණ්ඩුව යැයි කථාවට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ද එය පෙන්විය යුතුයි. ජනතාව තම ඉඩම් සම්බන්‍ධ ඔප්පු තිරප්පු සියල්ල තියාගෙන ඉන්නවා, ඔවුන්ගේ ඉඩම් යළි ලබා දෙන්නැයි ඉල්ලා සිටිම ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක්. එලෙස ඔවුන් තම ඉඩම්වලට යාමට නොදී වැළක්වීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. අයිතිවාසිකම් ප්‍රතික්‍ෂේප වන තැන අරගල සහ විරෝධතා ඇතිවීම වැළක්වීමට නොහැකි බව පසුගිය කාලයේ සිඳුවූ සිද්ධීන් තුලින් දැකගන්නට පුළුවණි.

එමෙන් උතුරු පළාතේ නිදහස් නොකළ ජනතාවගේ ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයකි. හමුදා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ලෙස රජයේ ඉඩම් තිබෙන විට තවඳුරටත් ජනතාවගේ ඉඩම් අත්පත්කරගෙන සිටිම පිළිගත නොහැක. තම ඉඩම් ආසන්නයේම මෙම ජනතාව අවතැන්ව ජීවත්වීම කණගාටුදායක සිද්ධියක් බව ටෙනිස්වරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.