SRILANKAN NEWS

කේප්පාපිලවු ජනතාවගේ සත්‍යග්‍රහයට අදට දින 10යි – අගමැති සමඟ සාකච්ඡාවක්

කේප්පාපිලවු ජනතාව තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා අද 10 වන දිනටත් සිය සත්‍යග්‍රහය පවත්වාගෙන යන අතර, අද දින අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ද සිදුකිරීමට නියමිතය.

හමුදාව යටතේ තිබෙන තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා මුල්ලතිව් කේප්පාපිලවු ග්‍රාම සේවා වසමට අයත් පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශවාසීන් විසින් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට දින 10ක් අවසන්වී තිබේ. මෙවැනි තත්වයකදී අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී මේ සම්බන්‍ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව පැවැසේ.

ගුවන් හමුදා කඳවුර සහ යුද හමුදා කඳවුර ඉවත්කර තම ඉඩම්වල නැවත පදිංචිවීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා එම ජනතාව විසින් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට ඊයේ දින වනතෙක් කිසිඳු විසඳුමක් ලැබී නොමැත. මෙම සත්‍යග්‍රහයට සහාය පළ කරමින් යාපනය සරසවි ප්‍රජාව, අනෙකුත් ප්‍රදේශවල ජනතාව, සමාජ සංවිධාන ඇතුළු විවිද පාර්ශවයන් එක්ව සිටිති.