SRILANKAN NEWS

උතුර – නැගෙනහිර ඒකාබද්ධ කිරීම ගැන නැගෙනහිර පළාත් මහ ඇමැති සමඟ සාකච්ඡා කිරීමට සූදානම් – විග්නේෂ්වරන්

උතුර – නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්‍ධයෙන් නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා පවසා තිබේ.

උතුර – නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්‍ධයෙන් සාකච්ඡා කිරීමට නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා ඉදිරිපත්වුයේ නම් ඔහු සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව හෙතෙම පවසා තිබේ.

දෙමළ මහජන සභාව සහ මුස්ලිම් සිවිල් සංවිධාන අතරවූ සාකච්ඡා හමුවක් ඊයේ දින උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම සාකච්ඡා හමුවෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.

තවද මධ්‍යම රජය යටතේ දෙමළ ජනතාවට ලැබෙන විසඳුම් ක්‍රිමවේදය, මුස්ලිම් ජනතාවට ද ලැබිය යුතුයි පිළිඳ වෙනත් අදහසක් නොමැති බවත්, මුස්ලිම් ජනතාව සහ දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්ණ ගැන දෙපාර්ශවයම එක්වී සාකච්ඡා කර විසඳා ගත හැකි ක්‍රියාමාර්ගයක් ඇති කළ යුතු බව හෙතෙම පවසා සිටියේය.