SRILANKAN NEWS

කේප්පාපිලවු ජනතාවට සහාය ලබාදීමට උතුරු පළාත් සභාව එහි පැමිණෙයි..

තම ඉඩම් නිදහස් කරන තෙක් තම අරගලය පවත්වාගෙන යන බවත්, තම ඉඩම් යළි ලබාදිය යුතු බව අවධාරණය කර අද 13 වන දිනටත් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට සහාය පළ කිරීමේ අරමුණින් උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් එම ප්‍රදේශයට පැමිණි බව වාර්තාවේ.

උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ උතුරු පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාම කේප්පාපිලවු ගොස් සිය සහාය ලබාදීමට තීරණය කර ඇති බව පැවැසේ.

රාත්‍රී කාලයේ අධික පින්න සහ දහවල් කාලයේ දැඩි උෂ්ණත්වය ද නොතකා එම ජනතාව දැඩි අරමුණකින් පවත්වාගෙන යන මෙම අරගලයට දේශපාලන පක්‍ෂ, ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන, ඇතුළු විශාල පිරිසක් පූර්ණ සහාය ලබාදී තිබේ.

මේ අතර, පිලක්කුඩිඉරුප්පු ජනතාවට සහාය පළ කරමින් සහ හමුදාව යටතේ තිබෙන තම ඉඩම් නිදහස් කරන්නැයි අවධාරණය කර මුල්ලතිව් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ ජනතාව ආරම්භ කළ අරගලයට අදට දින දහයක් අවසන්වී තිබීම ද විශේෂත්වයකි.