SRILANKAN NEWS

කේප්පාපිලවු ජනතාවගේ හැඟීම් වලට ගරු කර ඔවුන්ගේ ඉඩම් නිදහස් කළ යුතුයි

රජය කේප්පාපිලවු ජනතාවගේ හැඟීම් වලට ගරු කර ඔවුන්ගේ ජීවනෝපාය ඉඩම් නිදහස් කළ යුතු බව හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් පවසයි.

කේප්පාපිලවු ජනතාව ස්ථීර අරමුණකින් තම අරගලය පවත්වාගෙන යමින් සිටිනවා, දේශපාලකයන් සහ නිළධාරින්ව විශ්වාස කළ තත්වය වෙනස්වී තම ප්‍රශ්ණයට තමන් විසින්ම විඳුමක් සොයා ගැනීමේ අරමුණින් නැගී සිටීම ප්‍රසංශනීයයි. මෙම ජනතාවගේ අරගලය දෙමළ ජනතාව අතර පවතින ඉඩම්, අතුරුදන්වූවන් සහ දේශපාලන සිරකරුවන් වැනි විසඳුමක් නොලැබුණු ප්‍රශ්ණවලට මුහුණදීමට සෙසු ජනතාවට උද්වේගයක් වනු ඇතයි විශ්වාස කරනවා.

කේප්පාපිලවු ජනතාවගේ අරගලයට විවිද පාර්ශවලින් පූර්ණ සහාය ලැබි තිබෙනවා, මෙම ජනතාව තම ඉඩම්වලට යෑම හැර වෙනත් කිසිඳු විසඳුමක් පිළිගැනීමට සූදානමක් නැහැ. රජය මෙම් ජනතාවගේ හැගීම්වලට ගරු කර ඔවුන්ගේ ඉඩම් යළි ලබාදීමට පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.