SRILANKAN NEWS

සර්වාගමික කණ්ඩායමක් අද කේප්පාපිලවු යයි..

අදට දින 15ක කාලයක් සත්‍යග්‍රහයේ නිරතව සිටින මුල්ලතිව් කේප්පාපිලවු – පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශවාසීන්ට සහාය ලබාදීම සඳහා අද දින ගාල්ලේ සිට සර්වාගමික කණ්ඩායමක් කේප්පාපිලවු ප්‍රදේශයට පැමිණීමට නියමිත බව පැවැසේ.

කේප්පාපිලවු ප්‍රදේයට අද දින වර්ෂාව අද හැලෙන නමුත්, සිය දරුවන් සමඟ එම ජනතාව දැඩි දුෂ්කරතා මැද තම අරගලය පවත්වාගෙන යමින් සිටිති. එම ජනතාවට සහාය පළ කර සහ හමුදාව යටතේ තිබෙන ජනතාවගේ ඉඩම් නිදහස් කරන්නැයි අවධාරණය කර පුදුකුඩිඉරුප්පු ජනතාව විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 12ක් අවසන්වී තිබේ. අද දින පෙරවරුවේ සිට එය චක්‍රීය ක්‍රමයේ උපවාසයක් ලෙස පවත්වාගෙන යන බව එම ජනතාව පවසා තිබේ.