SRILANKAN NEWS

කේප්පාපිලවු ඉඩම් නිදහස් කිරීමට රජය පියවර ගනියි – මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම්

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු – පිලක්කුඩිඉරුප්පු ජනතාව තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා දින 14ක් තිස්සේ සත්‍යග්‍රහයක නිරතව සිටින අතර, අද දින මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේදීස්වරම් රූපවති මහත්මිය ඉකුත් ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ.

එහිදී, ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට රජය පියවර ගන්නා බවට තමන්ට සහතිකයක් ලබාදී ඇති බවත්, නැවැත පදිංචි කිරීමේ අමාත්‍යවරයා මේ සම්බන්‍ධයෙන් ජනාධිපති සහ ආරක්‍ෂක අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇති බව ලේකම්වරිය පවසා සිටියාය.

ජනාධිපති සහ ආරක්‍ෂක අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ඉඩම් නිදහස් කිරීමට රජය එකඟවූ බවට නැවැත පදිංචි කිරීමේ අමාත්‍යවරයා තමන් වෙත දැනුම් දුන් බවත්, එම පුවත සත්‍යග්‍රහයේ නිරතව සිටින ජනතාවට පැවැසිම සඳහා තමන් කේප්පාපිලවු ප්‍රදේශයට පැමිණි බව මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම්වරිය වැඩිදුරටත් පවසා සිටියාය.