INDIAN NEWS

භාරවීමට සති හතරක කාලයක් ලබා දෙන්නැයි සසිකලාගෙන් පෙත්සමක්

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව පවසා අධිකරණයට භාරවීම සඳහා සති හතරක කාල සීමාවක් ලබා දෙන්නැයි ඉල්ලා සසිකලා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට හදිසි පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම අධිකරණය විසින් භාර ගන්නා බවත්, අ.ති.මු.කා. පක්‍ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීම හේතුවෙන් පක්‍ෂයේ වැඩ කටයුතු තිබෙන බැවින් එයද ඉටුකිරීමට ඇති බව පවසා තිබේ. අදාළ පෙත්සම අද (14) දින පස්වරුවේ විභාගයට ගැනීමට නියමිත බව වාර්තාවේ.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් සිටි වී.කේ. සසිකලා වත්කම් චෝදනා සම්බන්ධයෙන් බැංගලූර් ශේෂ්ඨාධිකරණය හමුවේ අද වරදකාරිය වූ අතර, සසිකලා ඇතුළු තිදෙනෙකුට වසර හතරක සිරඳඞුවමක් සහ රුපියල් කෝටි 10ක් බැගින් දඞයක්ද නියම කර තිබීම විශේෂත්වයකි.