SRILANKAN NEWS

කේප්පාපිලවු ඉඩම් අරගලය – උතුරු පළාත පුරාවටම..

– ග්ලෝබල් දෙමළ පුවත් –

පසුගිය දින 15ක් තිස්සේ තම ඉඩම් නිදහස් කර ගැනීම සඳහා මුල්ලතිව් කේප්පාපිලවු ජනතාව අරගලයක නිරතව සිටිති. දිවා රෑ නොබලා අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින එම ජනතාව වෙනුවෙන් උතුරු පළාත පුරාම අරගලය ව්‍යාප්ත කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ

මේ සඳහා සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහකදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් එයට සහභාගිවූ බව පාර්ලිමෙන්තු මන්ත්‍රි සිවමෝහන් මහතා පැවැසීය. පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේදී ද කේප්පාපිලවු ජනතාවට සහාය පළ කර විරෝධතාවක් පවත්වාගෙන යන අතර, යාපනය හා වව්නියාව ප්‍රදේශවල ද විරෝධතා පවත්වා තිබුණි.

ඉඩම් නිදහස් කිරීමට රජය එකඟවී ඇති බවත්, හමුදාපති විසින් ඉඩම් නිදහස් කිරීමට පොරොන්දුවී ඇති බවට පවසා තිබෙන නමුත්, ඉඩම් නිදහස් කරන තෙක් අරගලය දිගටම පවත්වාගෙන යන බවත් තම ඉඩම් ලබා දෙනතෙක් මෙම අරගලය අවසන් නොකරන බවට එම ජනතාව ස්ථීරව පවසා තිබේ.